ශ‍්‍රී ලංකා ආර්ථිකයේ 3.3%ක වර්ධනයක් – ලෝක බැංකුව කියයි

542

මේ වසරේ (2021)  දී ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය 3.3%ක වර්ධනයක් වන බවට පුරෝකථනය කර තිබෙන බව ලෝක බැංකුව වසරකට දෙවතාවක් නිකුත් කරන කලාපීය වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

එහෙත් කාලයක් තිස්සේ පැවැති ආර්ථිකයේ ව්‍යුහාත්මක දුර්වලතා සහ ‘කොවිඞ් 19’ වසංගතයේ බලපෑම මධ්‍යකාලීනව වැදගත් අභියෝග රාශියක් මතු කරනු ඇති බව ද එහි සඳහන්ය.

ආර්ථිකය නැවත සාමාන්‍යකරණය වන විට ක‍්‍රමිකව ශ‍්‍රම වෙළෙඳපළ ද යථා තත්ත්වයට පත්වනු ඇත. දකුණු ආසියාවේ බොහෝ රටවල් වසංගතයට පෙර පැවැති ආර්ථික මට්ටමට වඩා පහළ තත්ත්වයකට පත්ව ඇති බව ද ලෝක බැංකුවේ එම කලාපීය වාර්තාව මගින් පෙන්වාදී තිබේ.

ඩිජිටල්කරණය සහ සේවා ප‍්‍රමුඛ කරගන්නා සංවර්ධනය යනුවෙන් හැඳින්වෙන නවතම දකුණු ආසියානු ආර්ථික දැක්ම මගින් මෙම කලාපයේ ආර්ථිකය 2021 සහ 2022 වසරවලදී 7.1%කින් වර්ධනය වන බවට පුරෝකථනය කර ඇත. තවද 2020-23 කාලයේ දී දකුණු ආසියාවේ සාමාන්‍ය ආර්ථික වර්ධනය 3.4% ක් වනු ඇතැයි අනාවැකි පළ කර තිබේ. මෙය වසංගතයට පෙර පැවැති වසර 4 ක තත්ත්වය හා සසඳන විට 3%ක අඩු තත්ත්වයකි.

‘කොවිඞ් 19’ වසංගතය මගින් කලාපයේ ආර්ථිකයට දීර්ඝකාලීන හානි සිදුවී ඇත. මෙම බලපෑම් යථා තත්ත්වයට පත්වීමට සෑහෙන කාලසීමාවක් ගතවනු ඇත. බොහෝ රටවල් අඩු මට්ටමේ ආයෝජන ප‍්‍රවාහයන්, සැපයුම්දාමයන්ට ඇතිවන බාධාවන්, මානව ප‍්‍රාග්ධනය වර්ධනයේ සිදු වූ පසුගාමී තත්ත්වයන් මෙන්ම ණයගැතිභාවයෙහි සැලකිය යුතු වැඩිවීමකට ද මුහුණ දී තිබේ. මෙම වසංගත තත්ත්වය මගින් දකුණු ආසියානු කලාපයේ මිලියන 48 සිට 59 දක්වා වූ ජනතාවක් දරිද්‍රතාවයට පත්වීමට හෝ දරිද්‍රතාවයේ රැුඳී සිටීමට හේතුවන ඇතැයි ඇස්තමේන්තුගත කර තිබේ. දිනකට ඇමෙරිකානු ඩොලර් 3.20 වන දරිද්‍රතා රේඛාව සලකා බැලීමේදී 2021 වසරේදී ශ‍්‍රී ලංකාවේ දරිද්‍රතාව 10.9% ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර මෙය 2019 වසරේදී පැවැති 9.2% ට වඩා පැහැදිලිව ඉහළ අගයකි.

”මේ වන විට ශ‍්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 50% කට වඩා එන්නත ලබාදීම සාර්ථකව සිදු කර තිබෙන අතර ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට බාධා විය හැකි කොවිඞ් 19 රැුල්ලක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග පිළිබඳව ද රජය මේ වනවිට අවධානය යොමුකර තිබෙනවා’’ යනුවෙන් මාලදිවයින්, නේපාලය සහ ශ‍්‍රී ලංකාව සඳහා වූ ලෝක බැංකුවේ අධ්‍යක්ෂක ෆාරිස් හඩාඞ් සර්වොස් මහතා පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment