ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සේවය කිරීම සඳහා උදාර සේවා ස්ථානයක් බවට පත්වෙයි

262

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ‍්‍රී ලංකාවේ ”සේවය කිරීම සඳහා උදාර සේවා ස්ථානයක්”‍ ලෙස Great Place to Work ආයතනය විසින් තහවුරු කර ඇති අතර, මේ මගින් සිය ආයතනය තුල සේවකයන් සවිබල ගැන්වීමේ සේවා සංස්කෘතියක් ගොඩනැගීම සඳහා ආයතනයේ කැපවීම යළිත් අවධාරණය කර තිබේ.
 
 විශ්වසනීයත්වය, ගෞරවය, සාධාරණත්වය, අභිමානය සහ සුහදත්වය යන නිර්ණායක පහ මත පදනම්ව ගෝලීයව සහතික කරන ලද ක‍්‍රමවේදයක් ඔස්සේ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සේවය කරන කාර්යමණ්ඩලයේ සංඛ්‍යාත්මක නියදියක් මගින් මෙම Great Place to Work සමීක්ෂණය සිදු කර තිබේ.
 
 1962 දී රාජ්‍ය රක්ෂණ ආයතනක් ලෙස ආරම්භ කරන ලද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ‍්‍රී ලංකාවේ විශාලතම හා ශක්තිමත්ම රක්‍ෂණ ආයතනය වන අතර ශාඛා 158 ක ජාලයක් ඔස්සේ දේශයට රැුකවරණය සලසයි.
 
 මෙම ජයග‍්‍රහණය සම්බන්ධව අදහස් පලකල ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා මෙසේ පැවසීය. ”‍ශ‍්‍රී ලංකාව තුල සේවය කිරීම සඳහා වඩාත් සුදුසු සේවා ස්ථානයක් ලෙසින් පිළිගැනීමට ලක්වීම අපගේ ගමනේ අප පසුකල සන්ධිස්ථානයක් වනවා. රක්ෂණ ආයතනයක් ලෙස අපගේ සේවකයින් අපගේ ව්‍යාපාරයේ හදවත වන අතර අපගේ විචක්ෂණ මානව සම්පත් උපාය මාර්ග අපගේ සමස්ත ව්‍යාපාර උපායමාර්ගය සමඟ සම්පුර්ණයෙන්ම මුහු වෙමින් ඔවුන්ට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඉදිරියට රැුගෙන යාමට ඉඩ සලසනවා. අපගේ කාර්යමණ්ඩලයේ විවිධත්වයට ගරු කරමින් ,සමානාත්මතාවය ප‍්‍රවර්ධනය කරමින්, ආයතනයේ අවශ්‍යතා සහ අපගේ සේවකයින්ගේ අවශ්‍යතා අතර නිවැරදි සමතුලිතතාවයක් ඇති කරමින් ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා අප ඉදිරියටත් ඇපකැප වනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment