ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් ‘‘Medi 60’’ ජ්‍යෙෂ්ඨ පුරවැසි සෞඛ්‍ය රක්ෂණාවරණය

494

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජයග‍්‍රාහී 60 වසරක විශිෂ්ටත්වය සමරමින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ සෞඛ්‍ය හා රෝහල් ගාස්තු රක්ෂණ අවශ්‍යතා ආවරණය කිරීම සඳහා ‘‘Medi 60’’ සුවිශේෂී ජ්‍යෙෂ්ඨ පුරවැසි සෞඛ්‍ය රක්ෂණාවරණය හඳුන්වා දෙයි.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රගතිය සඳහා දක්වා ඇති දායකත්වය අගයමින් සහ වයස් සීමාවන් හේතුවෙන් රක්ෂණ අවශ්‍යතා සපුරාගැනීම සඳහා ඇති සීමාවන් හඳුනාගනිමින් ජ්‍යෙෂ්ඨ පරම්පරාව සඳහා උපහාරයක් ලෙස මෙම රක්ෂණ සැලසුම හඳුන්වා දෙන ලදී.

ලෝක බැංකු දත්තයන්ට අනුව, ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් 12.3% ක් වයස අවුරුදු 60 හෝ ඊට වැඩි වයස් කාණ්ඩයේ පසුවන අතර වන අතර, ඒ අනුව දකුණු ආසියාවේ රටවල් අතරින් වැඩිම වැඩිහිටි අනුපාතයක් ඇති රට බවට ශ‍්‍රී ලංකාව පත්ව තිබේ.

රටේ වැඩිම වැඩිහිටි ප‍්‍රතිශතය බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එය 31.7% කි. අවම ප‍්‍රතිශතය උතුරු පළාතෙන් වාර්තා වන අතර එය 4.8% කි. ඉදිරි වසර 15 වැනි කෙටි කාලයකදී ශ‍්‍රී ලාංකිකයන්ගෙන් 25%ක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වේ.

තරුණ ජන සමාජයක සිට වයස්ගත සමාජයක් දක්වා සිදුවන පරිවර්තනය ආර්ථික, සෞඛ්‍ය සහ සමාජීය අභියෝගරැසක් නිර්මාණය කරයි. එමෙන්ම කොවිඞ් 19 හේතුවෙන් දැනටමත් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින රටේ සෞඛ්‍ය සේවා අංශය මත ඉහල යන වයස්ගත ජනගහනය සැලකිවයුතු පීඩනයක් එල්ල කරනු ඇත. ශ‍්‍රී ලංකාවේ සමස්ත ආයු අපේක්ෂාව වන අවුරුදු 77.3 පදනම් කරගත්විට ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව අවුරුදු 67 ක් වේ. විශේෂ සහ සංකීර්ණ

ප‍්‍රතිකාර අවශ්‍ය විය හැකි රෝගී තත්වයන් හේතුවෙන් එම වසර 10ක කාලය අහිමිවීමේ අවදානම පවතී.

‘‘Medi 60’’ සෞඛ්‍ය ආවරණය මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රෝහල් ගාස්තු, ශල්‍යකර්ම වියදම් සහ ඖෂධ වියදම් ඇතුළුව වෛද්‍ය ගාස්තු ප‍්‍රතිපූරණය කිරීමට හැකියාව ලබා දේ. වයස අවුරුදු 60 ත් 70 ත් අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දැන් මෙම ආවරණය සඳහා අයදුම් කිරීමට හැකියාව තිබෙන අතර, රක්ෂණ ඔප්පුහිමියාගේ වයස අවුරුදු 80 වන තෙක් රක්ෂණ ඔප්පුව අලූ‍ත් කළ හැකිය. එමෙන්ම මෙම රක්ෂණාවරණය මගින් ayubo.life හරහා ක‍්‍රියාත්මක වන රසායනාගාර පරීක්ෂණ සහ ඖෂධ මිලදී ගැනීම සඳහා ලබාදෙන ආකර්ශනීය වට්ටම් සහ නොමිලේ ක‍්‍රියාත්මක වන සුවතා වැඩසටහන් සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment