ශ‍්‍රී ලංකා ‘ඒ’ සහ 19න් පහළ පිලට ක‍්‍රිකට් වසන්තය එයි….

982

ලබන ඔක්තෝබර් මාසයේදී බංග්ලාදේශ 19න් පහළ කි‍්‍රකට් කණ්ඩායම සහ පාකිස්තාන ‘ඒ’ කි‍්‍රකට් කණ්ඩායම ශී‍්‍ර ලංකාවේ තරග සංචාරයක නිරතවීමට නියමිතව ඇති බවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වාර්තා කර සිටී. ඉදිරියේදී පැවැත්වීමට නියමිත 19න් පහළ ආසියානු කුසලානය සහ 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට පෙර සුදානමක් ලෙස මෙම තරගාවලිය සැළසුම් කර තිබේ.

එ් අනුව එහිදී පාකිස්තාන ‘එ්’ කණ්ඩායම ශී‍්‍ර ලංකා ‘එ්’ කණ්ඩායම සමගින් දඹුල්ලේදී සිව්දින තරග දෙකකට සහ එක්දින තරග 3ක් කී‍්‍රඩා කිරීමට නියමිත අතර බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම ශී‍්‍ර ලංකා 19න් පහළ කණ්ඩායම සමගින් කොළඹ ආර්.පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී එක්දින තරග පහකට කී‍්‍රඩා කිරීමට නියමිතව තිබේ.

කොරෝනා වසංගතය ව්‍යාප්තියෙන් අනතුරුව ශී‍්‍ර ලංකාව ‘එ්’ කණ්ඩායමකට හෝ 19න් පහළ කණ්ඩායමකට සත්කාරකත්වය ලබා දෙන පළමු අවස්ථාව මෙය වේ. ශී‍්‍ර ලංකා ‘එ්’ කණ්ඩායම අවසන් වරට 2019 වසරේදී ටෙසට් තරග දෙකක් සහ එක්දින තරග 3ක් සඳහා බංග්ලාදේශ කණ්ඩායමට සත්කාරකත්වය ලබා දුන්නේය. ශී‍්‍ර ලංකා 19න් පහළ කණ්ඩායම 2019 වසරේදී අවසන් වරට පාකිස්තානය සමගින් එක්දින තරග පහක තරගාවලියකට කී‍්‍රඩා කළේය.

ශී‍්‍ර ලංකා 19න් පහළ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමේ හිටපු කී‍්‍රඩක අවිශ්ක ගුණවර්ධන මහතා පසුගියදා පත් කෙරණු අතර එහි කළමනාකරු ලෙස මහින්ද හලංගොඩ මහතා පත් කෙරණි. නමුත් ශී‍්‍ර ලංකා ‘එ්’ කණ්ඩායමට මේ දක්වා නිත්‍ය පුහුණුකරුවෙකු පත් කර නොමැත.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment