ශ‍්‍රී ලංකා ඔලිම්පියන්ස් නව නිලධාරී මණ්ඩලයෙන් ක‍්‍රීඩාව නැංවීමට නව වැඩපිළිවෙළක්

231

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් නියෝජනය කළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් සමන්විත ශ‍්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ නව සභාපති ලෙස ශ‍්‍රියානි කුලවංශ ඔලී සහ නව ලේකම් ලෙස සුගත් තිලකරත්න ඔලී පත් වූහ.

එන්.සී.සී. ක‍්‍රීඩා සමාජයේදී පසුගියදා පැවති වාර්ෂික මහා සභා රැුස්වීමේදී ඔවුන් තෝරා ගනු ලැබ ඇත. උප සභාපති ලෙස දමයන්ති දර්ශා ඔලී ද, භාණ්ඩාගාරික ලෙස නිම්මිද සොයිසා ඔලී ද පත්වූ අතර කමිටු සාමාජිකයන් ලෙස ජුලියන් බෝලිං ඔලී, මහේෂ් පෙරේරා ඔලී, අනුරුද්ධ රත්නායක ඔලී, රුවිනි අබේමාන්න ඔලී තේරී පත්වූහ. ඔලිම්පික් තරග නියෝජනය කළ සියලූම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් ලෝක ඔලිම්පියන්ස් සංගමය නිර්මාණය වී ඇති අතර ලංකාවේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ එකතුවෙන් ශ‍්‍රී ලංකා ඔලිම්පියන්ස් නිර්මාණය වී ඇත.

කොවිඞ් වසංගතය හේතුවෙන් පසුගිය වසර හතරක කාලයේදී ක‍්‍රියාශීලීව කටයුතු කිරීමට සිදුවූයේ වසර දෙකක් පමණක් බවත්, මේ නිසා ඉදිරි වසර හතර තුළදී වසර හයක වැඩකටුයතු සිදුකිරීමට සිදුවනු ඇති බවත් නව සභාපතිනි ශ‍්‍රියානි කුලවංශ ඔලී නිලවරණයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.

පසුගිය වසරේදී ඔලිම්පික් නියෝජනය කිරීම ස`දහා අලූතින් එක්වී ඇත්තේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හය දෙනෙක් පමණක් බවත්, ඉදිරියේදී මේ සංඛ්‍යාව ඉහළ දමාගැනීමට සංගමයේ දායකත්වය ලබාදෙන බවත් ඇය පැවසුවාය.

ශ‍්‍රී ලංකා ඔලිම්පියන්ස් නව නිලධාරී මණ්ඩලයෙන් ක‍්‍රීඩාව නැංවීමට නව වැඩපිළිවෙළක්

පුද්ගලික අංශයේ සහ ක‍්‍රීඩාව වෙනුවෙන් අනුග‍්‍රහය දැක්වීමට අපේක්ෂාවෙන් සිටින කණ්ඩායම්වල දායකත්වයද ලබාගෙන ඉදිරියේදී ඔලිම්පික් ස`දහා වැඩි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිසක් සම්බන්ධ කරවීම ස`දහා ක‍්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් දියුණු කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මෙහිදී අදහස් දැක්වූ

ශ‍්‍රී ලංකා ඔලිම්පියන්ස් නව ලේකම් සුගත් තිලකරත්න ඔලී ස`දහන් කළේය.

2028 සහ 2032 වසරවලදී පැවැත්වෙන ඔලිම්පික් තරගවලට වැඩි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිසක් සම්බන්ධ කරවීම ස`දහා පාසල් දරුවන් ක‍්‍රීඩාවට වැඩියෙන් යොමු කිරීමේ වැඩසටහන් ස`දහා දායක්තවය ලබාදීමට කටයුතු කරන බව මෙහිදී අදහස් දැක්වූ  ශ‍්‍රී ලංකා ඔලිම්පියන්ස් උප සභාපතිනි දමයන්ති දර්ශා ඔලී පැවසුවාය.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment