ශ‍්‍රී ලංකා ඕමාන දෙවැනි ගැටුම අද

503

ශී‍්‍ර ලංකාව හා ඕමානය අතර පන්දුවාර 20 – 20 දෙවැනි පුහුණු තරගය අද (09 වැනිදා) රාත‍්‍රි 8.00ට ඕමානයේ අල් අමරෙට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දෙරට අතර පැවැති පළමු තරගයෙන් ශ‍්‍රී ලංකාව පෙරේදා (07 වැනිදා) ලකුණු 19ක ජයග‍්‍රහණයක් ලබාගත් අතර එම තරගයේදී අවිශ්ක ප‍්‍රනාන්දු සහ නායක දසුන් ශානක සිය පිතිහරඹය ප‍්‍රගුණ කර ගත්හ.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් අතරින් ළහිරු කුමාර, නුවන් ප‍්‍රදීප්, චාමික කරුණාරත්න සහ මහීල් තීෂණද දක්ෂ පන්දු යැවීමක නිරතවූ අතර මෙම තරගය රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වේ.

ශ‍්‍රී ලංකාව මෙම තරගයෙන් පසුව ලබන 12 වැනිදා සහ 14 වැනිදා බංග්ලාදේශය සහ පැපුවා

නිව්ගිනි කණ්ඩායම සමග තරග දෙකකට සහභාගිවීමට නියමිතය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින්ද ඕමාන කණ්ඩායම සීෂෑග් මක්සූඞ් විසින්ද මෙහෙයවනු ලබයි.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment