ශ‍්‍රී ලංකා කණ්ඩායම් දෙකටම පරාජය – 25 වැනි ආසියානු ශූරතා මේස පන්දු මිශ‍්‍ර යුගල තරගාවලිය

159

ආසියානු මේස පන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දෝහා කටාර් හි ලූසේල් ක‍්‍රීඩාගාරයේ දී දැන් ක‍්‍රියාත්මක 25 වැනි ආසියානු ශූරතා මේස පන්දු මිශ‍්‍ර යුගල තරගාවලියට ඉදිරිපත් කරන ලද ශ‍්‍රී ලංකා කණ්ඩායම් දෙකම පරාජයට පත්විය.

චමීර ගිනිගේ සහ ඉෂාරා මධුරංගි නියෝජනය කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම හා සන්සුකේ ටුහාමී සහ හිනා හයාටා නියෝජනය කළ ජපාන කණ්ඩායම අතර පැවති තරගයෙන් වට 03 – 00 ක පරාජයක් අත් විඳීමට ශ‍්‍රී ලංකා පිලට සිදුවිය. අනතුරුව පැවති ශ‍්‍රී ලංකාව සහ චීන තායිපේ අතර තරගයෙන් ද වට 03 – 00 ක පරාජයක් අත් විඳීමට ශ‍්‍රී ලංකා පිලට සිදුවිය. සෙනුර සිල්වා සහ බිමන්දී බණ්ඩාරට එරෙහිව හුවාන් යන් ෂෙන් සහ ලියූ හසින් යින් අදාළ ජයග‍්‍රහණය සටහන් කර ගත්තේය.

මේ අතර වාරයේ කේවල කණ්ඩායම් ශූරතාව සඳහා තරඟ වැදුණු ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියාවේ 12 වැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත්වීම කැපී පෙනුණි. බංගලාදේශයට සහ ජෝර්දානයට එරෙහිව ජයග‍්‍රහණ වාර්තා කර ගැනීමට මෙවර තරගාවලියේ දී ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩිකාවන්ට හැකි වූහ. මෙහි පිරිමි අංශයේ 18 වෙනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට ශ‍්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම ලත් එකම ජයග‍්‍රහණය බංගලාදේශයට එරෙහිව ලබා ගත්තේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment