ශ‍්‍රී ලංකා කණ්ඩායම හෙට නේපාලය මුණගැසෙයි

222

ආසියානු යොවුන් කුසලාන ක‍්‍රිකට් තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවැනි තරගය හෙට (26 වෙනිදා) නේපාලය සමග පැවැත්වේ.

සාජා ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන එම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.00 ට ආරම්භ වීමට නියමිතය.

කුවේටය සමග පැවැති පළමු තරගයෙන් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලැබූ ශ‍්‍රී ලංකාව ජයග‍්‍රාහී මානසිකත්වයෙන් යුතුව මෙම තරගයට මුහුණ දේ.

ශ‍්‍රී ලංකා පිතිකරුවන් හොඳින් පදම් වූ එම තරගයේදී අර්ධ ශතක හතරක් ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් වාර්තා වූ අතර පන්දු යවන්නෝද විශිෂ්ට ලෙස දස්කම් දැක්වූහ.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වන චමිදු වික‍්‍රමසිංහ සහ ෂෙවොන් ඩැනියෙල් යන දෙදෙනාම එහිදි අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූ අතර මැද පෙළ පිතිකරු පවන් පතිරාජ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ අතර රනුදු සෝමරත්න නොදැවී අර්ධ ශතකයක් ලබා ගත්තේය.

ශ‍්‍රී ලංකාව එහිදී කඩුලූ 5ක් දැවී ලබා ලබාගත් ලකුණු 323 ඒ වන විට තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා විණි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම නායක දුනිත් වෙල්ලාගේ විසින් මෙහෙයවනු ලබන අතර ඔහු එම තරගයේදී කඩුලූ 4ක් දවා ගත් අතර සෙසු පන්දු යවන්නෝද හොඳින් දස්කම් දැක්වූහ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය යටතේ සහභාගි වන අනෙක් තරග දෙක ලබන 28 වැනිදා බංග්ලාදේශය සමගත්, ජනවාරි 14 වැනිදා ස්කොට්ලන්තය සමගත් පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment