ශ‍්‍රී ලංකා කරාතේ පදනම බිහිවේ

273

ශ‍්‍රී ලංකා කරාතේ පදනම ආරම්භ කිරීමේ කටයුතු ඉකුත් (11) වනදා නිට්ටඹුව පාරෝ හෝටලයේදී සිදු කෙරිණි.

ශ‍්‍රී ලංකාවේ කරාතේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට රැගෙන යෑම සහ විනිසුරුවරුන් ජාතික හා ජාත්‍යන්තර තලයට රැගෙන යමින් ශ‍්‍රී ලංකාව ලෝකයේ කරාතේ ක‍්‍රීඩාව අතින් ඉහළ තැනකට ගෙන ඒම පෙරදැරි කරගනිමින් මෙම ශ‍්‍රී ලංකා කරාතේ පදනම ආරම්භ කෙරුණු බව එම පදනමේ සභාපති මහේෂ් කුමාර මහතා පැවසීය.

ජාතික සහ ජාත්‍යන්තර තලයේ විනිසුරුවරුන්, ජාත්‍යන්තර සහ ජාතික තලයේ කරාතේ ක‍්‍රීඩාවලින් දක්ෂතා දැක්වූ සහ කරාටේ සම්මේලනයේ නිලතල දැරූ විනිසුරුවරුන් මෙහි නිලධාරී මණ්ඩලය නියෝජනය කරති. ශ‍්‍රී ලංකා කරාතේ පදනමේ විධායක කමිටු නව නිලධාරි මණ්ඩලය එකොළොස්

දෙනකුගෙන් සමන්විත වන අතර මෙහි පළමු සාමාජික සංඛ්‍යාව 47 දෙනෙකි.

ශ‍්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ හිටපු උප සභාපති මහේෂ් කුමාර මහතා ශ‍්‍රී ලංකා කරාතේ පදනමේ සභාපතිවරයා වන අතර එහි ලේකම් ඒ.සී. එස්. ෆොන්සේකා මහත්මියවේ. ෆොන්සේකා මහත්මිය කරාතේ තේරීම් කමිටුවේ සාමාජිකාවක් වේ.

ශ‍්‍රී ලංකා කරාතේ පදනමේ සභාපති මහේෂ් චන්ද්‍ර කුමාර මහතා – අප පිහිටවනු ලැබූ ශ‍්‍රී ලංකා කරාතේ පදනමේ අරමුණ තමා ශ‍්‍රී ලංකාවේ කරාතේ ක‍්‍රීඩකයන් ජාත්‍යන්තර තලයට රැුගෙන ගොස් ජාත්‍යන්තර තරග ජයග‍්‍රහණය කරවීම. ඒ වගේම ශ‍්‍රී ලංකාව තුළ හැම අස්සක් මුල්ලක්ම ආවරණය වන පරිදි හරි විදිහට කරාතේ ක‍්‍රීඩාව ව්‍යාප්ත කිරීමත් මෙහි විශේෂ අවධානය යොමු කරනවා.

මෙම කරාතේ පදනම සියලූම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ගැටලූවලට පෙනී සිටීමට කටයුතු කරනව.

කරාතේ පදනම පිහිටුවා තිබෙන්නේ කරාතේ දෝ සම්මේලනයට අභියෝගයක් කරන්න නෙමේ. කරාතේ දෝ සම්මේලනයට අපේ සහයෝගය ලබා දෙනව. ශ‍්‍රී ලංකාවේ කරාතේ ක‍්‍රීඩාව ජාත්‍යන්තර තලයට රැගෙන ගොස් ඉහළ මට්ටමකට ගෙන ඒමට අප කැපවීමෙන් ක‍්‍රියා කරනවා.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment