ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිල ‘සෞඛ්‍ය සහකරු’ Nawaloka Hospitals PLC

119

2021 වසරේ ජුනි මස පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඉදිරි වසර 3ක කාලයක් සඳහා Nawaloka Hospitals PLC ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිල ‘සෞඛ්‍ය සහකරු’ වශයෙන් තෝරාගෙන තිබෙන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී.
 
 එම අනුග‍්‍රාහකත්වය යටතේ ලබාදෙන අනුග‍්‍රාහක මුදලට අමතරව, ගිවිසුම්ගත කාලසීමාව තුළ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත සෞඛ්‍ය සේවා ප‍්‍රතිලාභ රැසක් Nawaloka Hospitals PLC වෙතින් ලබා දෙනු ඇත.
 
 ඊට අමතරව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් නම් කරන ලද පුද්ගලයින් වෙනුවෙන් වූ ප‍්‍රථමාධාර පුහුණුවක් ද Nawaloka Hospitals PLC විසින් ලබාදෙනු ලබන අතර එම ගිවිසුම යටතේ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමඟ
 
 ගිවිසුම් ගතව සිටින සියලූම ක‍්‍රීඩකයින්ගේ රුධිර සාම්පල වාර්තා ඇතුළු සියලූම රසායනාගාර පහසුකම් ලබාදීමට ද එම ආයතනය සැදී පැහැදී සිටියි.
 
 මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නිල සෞඛ්‍ය සහකරු යන නාමයෙන් පිදුම් ලැබීම සම්බන්ධව අදහස් ප‍්‍රකාශ කර සිටින Nawaloka Hospitals PLC නියෝජ්‍ය සභාපති හර්ෂිත් ධර්මදාස මහතා, ”අපේ රටේ පමණක් නොව ලෝක ක‍්‍රීඩාව සම්බන්ධ තීරණාත්මක අවස්ථාවකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමඟ හවුල්වීමට අවස්ථාව උදාවීම අපට ගෞරවයක් බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment