ශ‍්‍රී ලංකා ජාතික කනිෂ්ඨ පාපන්දු කණ්ඩායමේ සුක්කානම සසංකට

104

ඉදිරියේදී ක‍්‍රියාත්මක කෙරෙන ආසියානු පාපන්දු සම්මේලන කුසලාන වයස අවුරුදු 23න් පහළ පාපන්දු තරගාවලියට සහභාගි කරවන ශ‍්‍රී ලංකා ජාතික කනිෂ්ඨ පාපන්දු කණ්ඩායමේ නායකත්වය සසංක ඩිල්හාර ජයසේකර වෙත පවරා තිබේ.

කොළඹ මරදාන ශාන්ත ලූසියා විදුහලේ ආදි ශිෂ්‍යයකු වන සසංක ඩිල්හාර ජයසේකර ශ‍්‍රී ලංකා යුද හමුදාව සහ ඩිෆෙන්ඩර්ස් ක‍්‍රීඩා සමාජය වෙනුවෙන් ක‍්‍රීඩා කරමින් ශ‍්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායමට එක් වන්නට සමත් වන්නේ මැද පළ ආක‍්‍රමණික ක‍්‍රීඩකයකු ලෙසිනි.

මෙවර උප නායකත්වයට ඉදිරිපෙළ ආක‍්‍රමණික ක‍්‍රීඩකයකු වන අසේල මධුෂාන් නම් කර ඇත.

ශ‍්‍රී ලංකා නාවික හමුදාව සහ සී හෝක්ස් ක‍්‍රීඩා සමාජය වෙනුවෙන් ක‍්‍රීඩා කරන අසේල මධුෂාන් කළුතර සිරි කුරුස සහ කොළඹ මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලවල ආදි ශිෂ්‍යයෙකි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment