ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුදල තර කරන්න තිලංගගෙන් සමරු මුහුණු ආවරණ දසදහසක්

213

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොවිඞ් අරමුදලට ආධාර පිණිස පක්ෂයේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් සමරු මුහුණු ආවරණ දස දහසක් (10,000* පක්ෂයේ උප සභාපති, කොළඹ දිස්ත‍්‍රික් නායක තිලංග සුමතිපාල මහතාගේ අනුග‍්‍රහයෙන් 02 වැනි දින පක්ෂයේ සභාපති හයවන විධායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනමනු ලැබිණි. මෙම සමරු මුහුණු ආවරණ පක්ෂයේ ආසන සංවිධායකවරුන්, පළාත් පාලන නියෝජිතයින් සහ පක්ෂ සාමාජිකයන් අතරේ අලෙවි කර එයින් ලැබෙන මුදල් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොවිඞ් අරමුදලට බැර කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment