ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වැනි සංවත්සරය අද

380

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන සංවත්සරය අද (2 දා) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ ර`ගහලේ දී පක්‍ෂයේ නායක අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

මේ රටේ දේශපාලන පෙරළියක නව හැරවුමක් සටහන් කළ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ 2016 නොවැම්බර් 2 වෙනිදා වත්මන් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ විය.

මෙම සංවත්සරය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්, පක්‍ෂයට අනුබද්ධ සංවිධාන නියෝජිතයන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව එම පක්‍ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ‘‘දිවයින’’ට පැවසීය. සංවත්සර උළෙල සීමිත කාලවේලවක් තුළ චාම් අන්දමින් පැවැත්වෙන බව ද ඔහු කීය.

අනුර බාලසූරිය

 

advertistmentadvertistment
advertistmentadvertistment