ශ‍්‍රී ලංකා මුල්පෙළ බිඳවැටෙද්දී දසුන්ගෙන් තනි ඉනිමක්

254

සත්කාරක එංගලන්තයට එරෙහිව ක‍්‍රියාත්මක එක්දින තරගාවලියේ ඊයේ (04 වැනිදා* පැවැති තෙවැනි සහ අවසන් තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41.1ක් තුළදී සියලූ දෙනා දැවී ලකුණු 166ක් ලබා ගැනීමට සමත්විය. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ශ‍්‍රී ලංකාවට එරෙහිව පූර්ණ එක්දින තරගාවලියක ජය ලබා ගැනීම සඳහා ලකුණු 167ක ඉලක්කයක් හිමි වී තිබිණි.

දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙකම ජය ගනිමින් 2-0ක් ලෙස වේලාසනින්ම තරගාවලියේ ජය වෙන්කර ගැනීමට එංගලන්තය සමත්වී සිටියේය. ඒ අනුව තරගාවලිය පරාජයට පත්වීද ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය යටතේ තවත් එක් තරගයක් හෝ ජය ගැනීමේ අදහසින් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ පිටියට පිවිසියේය. ඊයේ තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාවට ලබා දුන්නේය. බි‍්‍රස්ටෝල් ක‍්‍රීඩාංගණයේ ඉනිම ආරම්භ කළ ශ‍්‍රී ලංකා පළමු කඩුල්ල මුළු ලකුණු 19දී බිඳ දැමීමට ක‍්‍රිස් වෝක්ස් සමත්විය. ඒ අනුව ශ‍්‍රී ලංකා නායක කුසල් පෙරේරා ලකුණු 09ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වෙද්දී තරගාවලිය පුරා අසාර්ථක වූ පැතුම් නිස්සංක සහ අවිශ්ක ප‍්‍රනාන්දු මතට මුල් පෙළ පීඩනය පතිත විය. කෙසේ වෙතත් සංචාරය පුරාම අසාර්ථක භාවයට පත්ව සිටි අවිශ්ක ප‍්‍රනාන්දු ඊයේ දිනයේදීද ඬේවිඞ් විලීගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. දැවී යද්දී පන්දු 14කට මුහුණු දී සිටි අවිශ්ක හතරේ පහර 2ක සමගින් ලකුණු 14ක් ලබා සිටියේය.

ලද අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීමට අපොහොසත් වී සිටි පැතුම් නිස්සංක ඊයේ දිනයේදීද ලකුණු 06ක් ලබා සිටියදී ඬේවිඞ් විලිගේ පන්දුවකට ජොනී බෙයාස්ටෝ අතට උඩපන්දුවක් ලබා දී දැවී ගියේය. දෙරට අතර දෙවැනි එක්දින තරගයේදී ශ‍්‍රී ලංකා ලකුණු පුවරුව ගෞරවනීය තත්ත්වකට ගෙන ඒමට සමත්වූ ධනංජය ද සිල්වාට එංගලන්ත පන්දු යවන්නෝ ඊයේ තරගයේදී ලකුණු අතරට පිවිසීමට ඉඩහසර ලබා නොදුන්නේය. ඒ අනුව පන්දු 12කදී හතරේ පහරක් සමගින් ලකුණු 04ක් ලබා සිටි ධනංජය ද සිල්වා ක‍්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ රශීඞ් කාන් අතට උඩ පන්දුවක් ලබා දී දැවී යෑමත් සමගින් තරගය පිළිබඳ ශ‍්‍රී ලංකා බලාපොරොත්තු සුන් වී ගියේය. ශ‍්‍රී ලංකා 5 වැනි කඩුල්ල ලෙසින් ඕෂධ ප‍්‍රනාන්දු ලකුණු 18ක් ලබා සිටියදී දවා ගැනීමට ටොම් කරන් සමත්වූ වෙද්දී වනිදු හසරංග තරගාවලිය පුරාම දැවී ගිය එකම පහර එල්ල කරමින් ඊයේ දිනයේදීද ලකුණු 20කට දැවී ගියේය.

හුදෙකලා සටනක නිරත වූ දසුන් ශානක ඊයේ එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් ශ‍්‍රී ලංකා ලකුණු පුවරුව ගෞරවාන්විත ලකුණු තත්ත්වයක් කරා ගෙන යෑමට උත්සාහ කළද අවසන් කඩුල්ල ලෙසින් අසිත ප‍්‍රනාන්දු දුවද්දී දැවී යෑම මත එම උත්සාහයද ව්‍යර්ථ වී ගියේය. ඒ අනුව පන්දුවාර 41.1කදී ශ‍්‍රී ලංකා ඉනිම නිමාවට පත් වෙද්දී පන්දු 65කදී හයේ පහර 2ක් සහ හතරේ පහර දෙකක් සමගින් ලකුණු 48ක් ලබා දසුන් ශානක නොදැවී සිටියේය.

ලකුණු තත්ත්වය – ශ‍්‍රී ලංකාව පන්දුවාර 41.1කදී සියලූ දෙනා දැවී ලකුණු 166යි ( අවිශ්ක ප‍්‍රනාන්දු 14, කුසල් පෙරේරා 09, පැතුම් නිස්සංක 06, ධනංජය ද සිල්වා 04, ඕෂධ ප‍්‍රනාන්දු 18, වනිදු හසරංග 20, චාමික කරුණාරත්න 11, බිනුර ප‍්‍රනාන්දු 07, දසුන් ශානක (නොදැවී* 48, දුෂ්මන්ත චමීර 16, අසිත ප‍්‍රනාන්දු 00, ක‍්‍රිස් වෝක්ස් 28/2, ඬේවිඞ් විලී 36/2, ටොම් කරන් 35/4, අදීල් රශීඞ් 35/1*

advertistmentadvertistment
advertistmentadvertistment