ශ‍්‍රී ලංකා යෞවනයෝත් බංග්ලාදේශයට රිදවති… ශී‍්‍ර ලංකාව 5 – 0 කින් එක්දින තරගාවලිය ජයගනී

517

සංචාරක බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමගින් පස්වැනි සහ අවසන් එක්දින තරගය ලකුණු 4කින් ජය ගැනීමට ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම ඊයේ (25 වැනිදා) සමත්විය. ඒ අනුව අදාළ ජයත් සමගින් දෙරට අතර තරග 5කින් සමන්විත වූ එක්දින තරගාවලියේ සියලූම තරග ජය ගනිමින් 5-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට සත්කාරක ශී‍්‍ර ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි.

ඊයේ පැවැති තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලූ 9ක් දැවී ලකුණු 240ක් වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව ජයග‍්‍රාහි ඉලක්කය හඹා ගිය සංචාරක කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී මුළු ලකුණු 236කට සීමා කිරීමට ශී‍්‍ර ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ආරම්භක කඩුල්ලට ශක්තිමත් පාදමක් සැකසූ මහෆිජුල් ඉස්ලාම් සහ ඉෆ්ටිකර් හුසේන් ලකුණු 67ක සම්බන්ධතාවක් ගොඩනැ`ගීය. මහෆිජුල් ඉස්ලාම් පන්දු 85කදී ලකුණු 62ක් සහ ඉෆ්ටිකර් හුසේන් පන්දු 50කදී ලකුණු 32ක් වාර්තා කළේය. බංග්ලාදේශ මැදපෙළ ශක්තිමත් කළ ඉච් මොල්ලා පන්දු 36කදී ලකුණු 55ක් වාර්තා කළ අතර ප‍්‍රන්ටික් නබිල් පන්දු 43කදී ලකුණු 33ක් වාර්තා කළේය.

බංග්ලාදේශ ඉනිම පන්දුවාර 36කදී කඩුලූ 5ක් පමණක් දැවී ලකුණු 223ක් ලෙසින් එක් අවස්ථාවක සටහන් වීද ඔවුන්ගේ අවසන් කඩුලූ 5 මුළු ලකුණු 13ක් තුළ බිඳ දැමීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නේ සමත්වූහ.

එහිදී විශේෂ කාර්යභාරයක් ඉටුකළ විනුජ රනපුල් ලකුණු 21කට ප‍්‍රතිවාදී කඩුලූ 2ක්ද, දුනිත් වෙල්ලාලගේ ලකුණු 38කට ප‍්‍රතිවාදී කඩුලූ 2ක්ද සසංක නිර්මාල්, වනුජ සහන්, ෂෙවෝන් ඩැනියෙල් සහ රවීන්ද සිල්වා එක් කඩුල්ල බැගින් බිඳ දැමීය.

ශී‍්‍ර ලංකා ඉනිම ගොඩනැ`ගු චමිඳු වික‍්‍රමසිංහ පන්දු 123කදී ලකුණු 102ක් වාර්තා කිරීමට සමත්විය. හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක් ඊට ඇතුළත් විය. ෂෙවෝන් ඩැනියෙල් පන්දු 85කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 59ක් රැුස් කළේය.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment