ශ‍්‍රී ලංකා සිම්බාබ්වේ එක්දින තරගාවලිය හෙට ඇරැඹේ

496

එක් දින ජාත්‍යන්තර කණ්ඩායම් ශේණිගත කිරීම්හි අංක 9 වැනි ස්ථානයේ පසුවන ශ‍්‍රී ලංකාවත් 13 වැනි ස්ථානයේ පසුවන සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමත් අතර තරග තුනකින් යුත් එක් දින ක‍්‍රිකට් තරගාවලිය හෙට (16 වැනිදා) මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම නායක දසුන් ශානක විසින්ද සිම්බාබ්වේ කණ්ඩායම කේ‍්‍රග් අර්වින් විසින් ද මෙහෙයවනු ලබති.

ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර මේ දක්වා එක් දින ජාත්‍යන්තර තරග 57ක් පවත්වා ඇති අතර ලංකාවෙ ඉන් තරග

44 ක් සහ සිම්බාබ්වේ කණ්ඩායම තරග 11ක් ජයග‍්‍රහණය කර ඇත. තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

සිම්බාබ්වේ කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවේදී ජයගෙන ඇත්තේ එක් දින තරග තුනක් පමණි. ශ‍්‍රී ලංකාව මෙම තරගාවලිය

3-0 ක් ලෙස ජය ගත හොත් ශ‍්‍රී ලංකවේ ප‍්‍රසාද ලකුණු ගණන 83 සිට 84 දක්වා ඉහළ නගින අතර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ අංක 8 ස්ථානය දක්වා ඉහළට පැමිණීමට හැක.

ශ‍්‍රී ලංකා කණ්ඩායම එහිදී එක් තරගයක් හෝ පරාජයට පත්වුවහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව දෙකකින් අඩු වී ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 81 දක්වා පහළ ට වැටෙනු ඇත. එහෙත් ශ‍්‍රී ලංකාව ශ්‍රේණිගත කිරිම්වල පසු පසට නොයන්නේ ශ‍්‍රී ලංකාවට පසුව සිටින ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හිමි වී ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 62ක් නිසාවෙනි.

ශ‍්‍රී ලංකාව මෙම තරගාවලිය සඳහා ක‍්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් යුතු සංචිතයක් පෙරේදා (13 වැනිදා ) ප‍්‍රකාශයට පත් කළේය.

එම සංචිතයට මුලින් ඇතුළත්ව සිටි අවිශ්ක ප‍්‍රනාන්දු, ජනිත් ලියනගේ සහ කමිල් මිෂාරට කොවිඞ් වෛරසය ආසාදනය වීම හේතුවෙන්ද වේග පන්දු යවන්නන් වන ළහිරු කුමාර සහ කලන පෙරේරා ඉකුත්දා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්වීම හේතුවෙන් ද තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබේ.

ඒ අනුව මූලික කණ්ඩායමට ඇතුළත් වීමට අවස්ථාව නොලැබුණු දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, නුවන් ප‍්‍රදීප්, ශිරාන් ප‍්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස්ට තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවී තිබේ. ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටි කුසල් මෙන්ඩිස් ද එම තරග තහනමෙන් අනතුරුව මෙම ශී‍්‍ර සංචිතයට එක්කර තිබේ.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී කමිල් මිෂාර සමග ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්වූ චාමික ගුණසේකරවද සිම්බාබ්වේට එරෙහිව නම් කරන ලද කණ්ඩායමට ඇතුළත්ව තිබේ.

කේ‍්‍රග් අර්වින්ගේ නායකත්වයෙන් යුතු සිම්බාබ්වේ කණ්ඩායමට ක‍්‍රීඩකයන් පහළොස් දෙනකු ඇතුළත් වූ අතර පසුගිය 10 වැනිදා ඔවුහු දිවයිනට ළඟා වූහ.

තවමත් එක් දින ජාත්‍යන්තර තරග වරම් දිනා ගෙන නොමැති ආරම්භක පිතිකරුවකු වන ටකුඞ්වනශෙ කයිටානො සහ කඩුලූ රකින ක‍්‍රීඩක ක්ලයිව් මඩන්ඬේ එම සංචිතයට ඇතුළත් වන අතර තුන් ඉරියව් ක‍්‍රීඩක ටිනෝ මුටොම්බොඞ්සි කලකට පසු සිම්බාබ්වේ කණ්ඩායමට එක් කර ඇත.

දිවා රාත‍්‍රී තරග ලෙසින් තරගාවලියේ සියලූම තරග පැවැත්වෙන අතර පස්වරු 2.00ට තරග ආරම්භ වීමට නියමිතය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), දිනේෂ් චන්දිමාල්, පැතුම් නිස්සංක, මිනෝද් භානුක, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, නුවන් ප‍්‍රදීප්, ශිරාන් ප‍්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, නුවන් තුෂාර, රමේෂ් මෙන්ඩිස්, ප‍්‍රවීන් ජයවික‍්‍රම, දුෂ්මන්ත චමීර, චාමික ගුණසේකර.

අතිරේක ක‍්‍රීඩකයන් – අශේන් බණ්ඩාර, පුලින තරංග, නිමේෂ් විමුක්ති, අෂේන් ඩැනියල්, අසිත ප‍්‍රනාන්දු, විශ්ව ප‍්‍රනාන්දු.

advertistmentadvertistment
advertistmentadvertistment