ශ‍්‍රී ලංකා සුපර් ලීග් වෘත්තිය පාපන්දු තරගාවලිය : වෙන්නප්පුව නිව් යංග්ස්ට කොළඹ රත්නම් පරදී

148

වෙන්නප්පුව නිව් යංග්ස් සමාජය සහ කොළඹ රත්නම් සමාජය අතර ඊයේ 16 සවස කොළඹ රීඞ් මාවතේ පිහිටි පැරැුණි තුරඟ තරග පිටියේ දී පැවැති තරගයෙන් ගෝල් 03 – 01 ක ජයග‍්‍රහණයේ වාර්තා කර ගැනීමට නිව් යංග්ස් කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

එම ජයග‍්‍රහණය සටහන් වූයේ ශ‍්‍රී ලංකා සුපර් ලීග් වෘත්තිය පාපන්දු තරගාවලිය යටතේ ක‍්‍රියාත්මක වූ 27 වැනි තරගයේ දී ය.

මෙම තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ගෝල් තත්ත්වය 01 – 01 ක් ලෙස සම දක්ෂතා ප‍්‍රදර්ශනය කිරීමට දෙපිලටම හැකි විය.

තරගය ඇරඹී 36 වැනි මිනිත්තුවේ දී තරිඳු ධනුෂ්ක පළමු ගෝලය නිව් යංග්ස් පිල වෙනුවෙන් වාර්තා කළ අතර එය සම තත්ත්වයකට ගෙන ඒමට ඩන්සෝ ඉනෝච් ට හැකි විය. ඒ රත්නම් පිල වෙනුවෙන් ගෝලයක් සටහන් කර ගනිමිනි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස පළමු භාගය නිමා වන විට ගෝල් තත්ත්වය

01 – 01 ක් ලෙස සටහන්ව තිබිණි.

එහෙත් දෙවන භාගය ආරම්භ කිරීමත් සමගම මනා පන්දු හුවමාරුවක නිරත වන්නට නිව් යංග්ස් ක‍්‍රීඩකයින් සමත් වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස තවත් ගෝල් 02 ක් තම පිලට එකතු කර ගැනීමට දෙවන භාගයේදී හැකි විය.

80 වැනි මිනිත්තුවේදී ක‍්‍රියාත්මක වූ ලක්ෂාන් ධනංජය දෙවන ගෝලය

රැුස් කළ අතර නිකිල ප‍්‍රනාන්දු තෙවන ගෝලය වාර්තා කිරීමට 82 මිනිත්තුවේ දී සමත් විය. එෆ්. එම්.ඉර්ෂාන් මහතා විසින් මෙම තරගය විනිශ්චය කරන ලදි. ඊයේ (16* සටහන් කර ගත් ජයග‍්‍රහණයත් සමඟම නිව් යංග්ස් කණ්ඩායමේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 07 දක්වා ඉහළට ගියේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment