ශ‍්‍රී ලාංකික ද්‍රවිඩ 327කට ස්විස් දේශපාලන රැකවරණ

255

ස්විස් රජය ශ‍්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් 327 දෙනකුට දේශපාලන රැකවරණ ලබාදී ඇත.

මොවුන් ආරක්‍ෂක අංශ සහ ත‍්‍රස්ත මර්දන ඒකකය මෙන්ම පොලිසිය තමන්ට මරණ තර්ජන එල්ල කරන බවටත් වධහිංසා පමුණුවන බවටත් ස්විස් රජයට පැමිණිලි කර තිබිණි.

මෙලෙස දේශපාලන රැුකවරණ ලැබූ පුද්ගලයන් කවුදැයි ස්විස් රජය හෙළි කර නැත.

ස්විස් රජය දේශපාලන රැුකවරණ ලබාදීම ප‍්‍රතික්ෂේප කර ඇත්තේ 17 දෙනකුට පමණි. මෙම පිරිස ඉදිරිපත් කළ පැමිණිලි ගැන ස්විස් සංක‍්‍රමණ ආයතනය ශී‍්‍ර ලංකා රජයෙන් විමසා නැත.

ස්විස් ආරංචි මාර්ග පැවසුවේ සුරිච් නගරයේ මුස්ලිම් භාෂා පරිවර්තකයකු විසින් මෙම පිරිසට දේශපාලන රැුකවරණ ලබා ගැනීමට අදාළ ලියවිලි සකස් කරදී ඇති බවයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment