ශ‍්‍රී ලාංකික දෙමළ සිරකරුවෝ 78ක් ඉන්දියාවේ තිරිච්චි බන්ධනාගාරයේදී විරෝධතාවක

206

ඉන්දියාවේ තිරිච්චි මධ්‍යම බන්ධනාගාරයේ රදවා සිටින ශ‍්‍රී ලාංකික දෙමළ වැසියන් 78 දෙනෙකු 13 දා සිට එම බන්ධනාගාරයේ වාට්ටු සංකීර්ණයක් ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කොට තිබේ.

අඛණ්ඩ විරෝධතාවක් ලෙස පවත්වා ගෙන යන මේ විරෝධතාව තුළින් ඔවුන් ඉල්ලා සිටින්නේ නඩු විමසීමකින් තොරව දීර්ඝ කාලයක් තිස්සේ ර`දවාගෙන සිටින නිසා නඩු විමසා වහාම නිදහස් කිරීමට ඉන්දියාවේ මධ්‍යම රජය පියවර ගන්නා ලෙසයි. තිරිච්චි මධ්‍යම බන්ධනාගාරයේ ර`දවා සිටින මෙම දෙමළ වැසියන් 78 දෙනා සමග තවත් ඉන්දුනිසියානු ජාතිකයින් හා නයිජීරියා ජාතිකයින් 108 දෙනෙකු ර`දවා ඇති අතර ශ‍්‍රී ලාංකික රැු`දවියන් 78 දෙනාගෙන් කීපදෙනෙකු මෑතකදී මෙම බන්ධනාගාරයේම රහස් ස්ථානයකට ගෙන ගොස් ර`දවා ඇති බවද විරෝධතාකරුවෝ කියා සිටිති. විරෝධතාවයට සහභාගී වන පිරිසට බන්ධනාගාර නිලධාරීන්ගෙන් විවිධ හිරිහැර සිදුවන බවද විරෝධතාකරුවෝ ජනමාධ්‍ය වෙත ප‍්‍රකාශ කොට සිටියහ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment