ශ‍්‍රී ලාංකික සිසුවියකගෙන් අධිතාක්ෂණික වෙඩි නොවදින ඇඳුමක්

587

අධිතාක්ෂණික වෙඩි නොවදින ඇඳුමක් නිර්මාණය කිරීමට ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශ‍්‍රී ලාංකික ශිෂ්‍යාවක සමත්වී තිබේ.

මෙම ත‍්‍රිත්ව වෙඩි නොවදින ඇඳුම නිර්මාණය කර ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන ප‍්‍රභානි රණවීර නමැති ශිෂ්‍යාවකි. තම පශ්චාත් උපාධි පර්යේෂණය සඳහා ඇය මෙම නිර්මාණය සිදුකර ඇත. දැනට ලෝකයේ භාවිතයට ගනු ලබන්නේ වෙඩි නොවදින වානේ ඇඳුම් වන අතර වානේ බර වැඩිවීම නිසා වෙනත් විකල්ප ක‍්‍රම යොදාගනිමින් මෙම ඇඳුම නිර්මාණයට පර්යේෂණ පැවැත්වෙන බව ඇය සඳහන් කරයි.

 දැනට පවතින වානේ වෙඩි නොවදින ඇඳුම භාවිතා කිරීමේදී පුද්ගලයකු ජීවිතක්ෂයට පත් නොවුණද ඉන් ඇතිවන තරංග හේතුවෙන් සිරුරේ අභ්‍යන්තර අවයව වලට හානි සිදුවිය හැකි බව පවසන ඇය, එමගින් වෙඩි ප‍්‍රහාර එල්ලවූ මොහොතේ එය පැළඳසිටි පුද්ගලයාට හානියක් සිදු නොවුණද මඳ වේලාවකින් ජීවිත හානි තත්ත්වයක් පවා ඇතිවිය හැකි බව ද කියයි.

 ඒ අනුව මෙම ත‍්‍රිත්ව ලෝහ වෙඩි නොවදින ඇඳුම මගින් එම පසු කම්පනය සියයට 80 කින් පමණ අඩු කිරීමට සමත්වන බව ඇය ප‍්‍රකාශ කරන්නීය.

 මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ප‍්‍රභානි මේ වනවිට ශිෂ්‍යත්වයක් ලබා සිඞ්නි විශ්වවිiාලයේ පශ්චාත් උපාධිය හදාරයි.

advertistmentadvertistment
advertistmentadvertistment