ෂකීබ් ඔස්ටේ‍්‍රලියාව දණ ගස්වයි

406

ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති පන්දුවාර 20-20 තරගාවලිය 4-1 ක් ලෙස ජය ගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පෙරේදා (9 දා* සමත් විය.

 දෙරට අතර පැවැති අවසන් තරගයේදී ඔස්ටේ‍්‍රලියාවේ සියලූ දෙනා පන්දුවාර 13 යි පන්දු 4 කදී ලකුණු 62 කට දැවී ගිය අතර එය ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමක් පන්දුවාර 20 තරගවලදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව විය.

 තරග 5 කින් යුත් තරගාවලියේ පළමු තරග 3 ජය ගැනීමත් සමග තරගාවලියේ ජයග‍්‍රහණය වාර්තා කළ බංග්ලාදේශය, ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව කුමන ආකාරයේ හෝ කි‍්‍රකට් තරග රටාවකදී ලබාගත් පළමු තරගාවලි ජයග‍්‍රහණය වාර්තා කළේය.

 අවසන් තරගයේ කඩුලූ 4 ක්ද සමග එම තරගයේ වීරයා මෙන්ම සමස්ත තරගාවලියේ ලකුණු 114 ක් සහ කඩුලූ 7 ක් ලබාගත් ෂකීබ් අල් හසන් තරගාවලියේ වීරයා බවටද පත්වූයේය.

 කෙසේ වෙතත් මෙම තරගාවලියට ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමේ ප‍්‍රබල කී‍්‍රඩකයන් වන නායක එරොන් ප‍්‍රින්ච්, ඬේවිඞ් වෝනර් සහ මිචෙල් ස්ටාර්ක් යන කී‍්‍රඩකයෝ සහභාගි නොවූහ.

advertistmentadvertistment
advertistmentadvertistment