ෂකීබ් ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරගවලට නෑ

170

බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් කී‍්‍රඩක ෂකීබ් අල් හසන්ට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග අහිමි වී තිබේ. ඒපසුගියදා කොදෙව්වන් සමග පැවැති තරගයේදී සිදුවූ පාදයේ ආබාධයක් හේතුවෙනි.

ලෝක කුසලාන තරගාවලිය යටතේ බංග්ලාදේශය හෙට (02 වැනිදා) දකුණු අපි‍්‍රකාව සමගින් තරග කිරීමට නියමිත අතර තරගාවලිය ඔවුන් සහභාගි වන අවසන් තරගය 04 වැනිදා ඔස්ටේ‍්‍රලියාව සමගින් පැවැත්වේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ තරග වදින බංග්ලාදේශ කණ්ඩායම සුපිරි 12 දෙනාගේ වටයේදී මේ දක්වා සහභාගි වූ තරග 3ම පරාජයට පත්වෙමින් ප‍්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වී තිබේ. එ් තරගාවලියේ අවසන් පූර්ව වටයට යෑමේ අවස්ථාව මේ වනවිට බංග්ලාදේශ කණ්ඩායමට අහිමි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment