ෂට්මුනි සෑය නිරාවරණය කෙරේ

218

කළුතර, අගලවත්ත, යටියන, මාකස්වත්තේ (ඇතුන්ගහ තැන්නේ) ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දී පසුගියදා “ෂට්මුනි සෑය” නමින් වූ මෙම සුවිශේෂී චෛත්‍ය රාජයාණන්ගේ නිරාවරණය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ අතින් සිදු විය.

විහාරාධිපති වලගෙදර ශ්‍රී නිවාස පරිවේණාධිපති, ශාස්ත්‍රපති දිනුලන්දවත්තේ විමල හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ඉදිකෙරුණු මෙම ස්ථූපය, කලාවට නව මානයක් එක් කළ 38 රියන් උසැති බුබ්බුලාකාර මහසෑය වටා ධාන්‍යාකාර, ඝඨාකාර, අම්ලාකාර, ඝණ්ඨාකාර හා පද්මාකාර වශයෙන් පරිවාර චෛත්‍ය පහකින් පිරිවරණ ලදුව නිර්මිත සධාතුක

දාගැබ් හයක දුර්ලභ ගණයේ චෛත්‍ය පොකුරකි.

කලකට ඉහතදී ලංකාවේ පාසැල් සිසුන්ට සමාජ අධ්‍යයන පොත මගින් හා බෞද්ධ සංස්කෘතිය විෂයේ දී ස්ථූප කලාව පිළිබඳ කියාදුන් පාඩම අගලවත්තේ, යටියන, මාකස්වත්තේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට පැමිණෙන සියලු ලක්වාසී සිසු දරුවන්ට, ආචාර්යවරුන්ට මෙන්ම බෞද්ධ අබෞද්ධ සියලු බැතිමතුන්ට සියැසින් දැක ප්‍රත්‍යක්‍ෂ අවබෝධයෙන් ඉගෙන ගැනීමටත්, වන්දනාමාන කිරීමටත් දැන් වාසනාව උදා වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment