ෂර්මාගේ පිහිටෙන් කෝලිලා අවසන් වටයට යයි

376

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති මූලික වටයේ අවසන් තරගය කඩුලු 5කින් පරාජය වීමත් සමගින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ බලාපොරොත්තු අත්හැර දැමීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පෙරේදා (21 වැනිදා) සිදුවිය. ඒ අනුව දිල්ලි පරාජයත් සමගින් අවසන් වටයේ කණ්ඩායම් හතරට පිවිසීමේ අවදානම් ස්ථානයේ පසුවූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට තරගාවලියේ අවසන් වටය සඳහා ප්‍රවිශ්ඨ වීමට අවස්ථාව උදා විය.

 අදාළ තරගයට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 14ක් සමගින් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසුවූ අතර බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු 16ක් ලබා අවසන් කණ්ඩායම් හතර අතරට පිවිස සිටියේය. කෙසේ වෙතත් මෙම තරගයෙන් දිල්ලි ජය ලැබුවේනම් ලකුණු ලබා ගැනීමේ වේගය අනුව බැංගලෝර් කණ්ඩායම පස්වෙනි ස්ථානයට තල්ලු වී අවසන් වටයට ඇතුළත්වීමේ අවස්ථාව දිල්ලි කණ්ඩායම සතු වීමට වැඩි අවස්ථාවක් නිර්මාණය වී තිබිණි.

 තරගයේ නියමිත පන්දුවාර 20දී දිල්ලි පිතිකරුවෝ කඩුලු 7ක් දැවී ලබා දුන් ලකුණු 159ක ඉලක්කය හඹා ගිය මුම්බායි කණ්ඩායම පන්දුවාර 19.1කදී කඩුලු 5ක් පමණක් දැවී සපුරා ගැනීමට සමත්විය.

 මුම්බායි ජයග්‍රාහී නියමුවා බවට පත්වූ ටිම් ඩේවිඩ් පන්දු 11කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 34ක් ලබා ගැනීමට සමත්විය.

 රෝමන් පවෙල් දිල්ලි කැපිටල්ස් වෙනුවෙන් ලකුණු 43ක් රැස් කිරීමට සමත්විය.

 ලකුණු සටහන

 දිල්ලි කැපිටල්ස් පන්දුවාර 20දී 159/7 (ප්‍රිතිව් ෂා 24, රිෂ්බා පන්ට් 39” රෝමන් පවෙල් 43, ජස්ප්‍රිට් බුම්රා 25/3, රමන්දීප් සිං 29/2)

 මුම්බායි ඉන්දියන්ස් පන්දුවාර 19.1 කදී 160/5 (ඉෂාන් කිෂන් 48, ඩෙවල්ඩ් බ්‍රෙවිස් 37, තිලක් වර්මා 21, ටිම් ඩේවිඩ් 34, ඇන්රිච් නෝට්ජේ 37/2, ෂාදුල් ඨාකූර් 32/2)

advertistmentadvertistment
advertistmentadvertistment