ෂාෆ්ටගේ සොහොයුරන්ගෙන් සී. අයි. ඩීය ප්‍රශ්න කරයි

429

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතා අභිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ මහතාගේ සොහොයුරන් දෙදෙනාගෙන් ඊයේ (22 දා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

ඝාතනයට ලක්වූ ෂාෆ්ටර් මහතාට එල්ල වී තිබූ තර්ජන හා ව්‍යාපාරික ගැටලු සම්බන්ධයෙන් මෙන්ම ඔහු සමග විරසකව සිටි පුද්ගලයන් පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම සෙහොයුරන් දෙදෙනාගෙන් තොරතුරු ලබාගෙන ඇත.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ වැඩිමහල් සොහොයුරා වන රමේෂ් ෂාෆ්ටර් හා බාල සහෝදරයා වන ප්‍රකාශ ෂාෆ්ටර් මහතාගෙන් මෙසේ ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

ඝාතනය වූ ෂාෆ්ටර් මහතාගේ බිරිඳ ඇතුළු පුද්ගලයන් 70 කට අධික පිරිසකගෙන් මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment