ෂාෆ්ටර්ගේ දේහය අද ගොඩ ගැනේ

184

සහෝදරයකුටත් කනත්තට එන්න කියයි
විශේෂඥ වෝහාරික වෛද්‍යවරයකු කැඳවීමට අවසර නෑ

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත දේහය අද (25දා) පෙරවරු 8.30 ට විශේෂ පංච පුද්ගල කමිටුව හමුවේදී ගොඩගන්නා විට එම මෘත දේහය හඳුනා ගැනීම සඳහා ඔහුගේ සහෝදරයකු බොරැල්ල පොදු සුසාන භූමියට කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (24දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

එකී මරණය සිදුවු ආකාරය නිශ්චිත කරගැනීම සඳහා අධිකරණය විසින් පත්කළ විශේෂඥ අධිකරණ වෛiවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල කමිටුව ඉදිරියේදී මෘත දේහය ගොඩගන්නා විට පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා විශේෂඥ වෝහාරික වෛiවරයකු කැඳවීමට අවසර ලබාදෙන ලෙසට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තම අධිකරණය විසින් මේ වනවිට ස්වාධීන විශේෂඥ පංච පුද්ගල කමිටුවක් පත්කර ඇති බැවින් එකී ඉල්ලීමට අවසර ලබාදිය නොහැකි බව පැවසූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළාය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment