ෂාෆ්ටර්ගේ මරණය ගැන සොයන්න කමිටුවක්

152


ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා අධිකරණ හා වෝහාරික වෛද්‍ය විශේෂඥයන් පස්දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් පත් කළාය.

ඒ අනුව මහාචාර්ය අසේල මෙන්ඩිස්, මහාචාර්ය ඩී.සී.ආර්.පෙරේරා, මහාචාර්ය ඩී.එන්.පී.ප්‍රනාන්දු, වෛද්‍ය සිවසුබ්‍රමනියම් සහ වෛද්‍ය රුවන්පුර යන අය පරීක්ෂණ මණ්ඩලයට පත්කර ඇත.

එම විශේෂඥ මණ්ඩලය විසින් ෂාෆ්ටර් ගේ මරණයට හේතුව නිගමනය කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව ඉදිරිපත් වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ පරස්පරතාවයන් දක්නට තිබු බැවින් ඒ පිළිබඳව පුළුල්ව අධ්‍යයනය කර මරණයට හේතුව නිගමනය කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරිය විසින් එම පරීක්ෂණ කමිටුව පත්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment