ෂාෆ්ටර්ගේ මරණය රෝහල් සේවකයන් ඇතුළු 10 කගේ ඩී එන් ඒ වාර්තා කැඳවීමට අවසර ඉල්ලයි

118

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා භාවිතා කළ මෝටර් රථයේ තිබී සොයාගත් ආගන්තුක රුධිර සාම්පලය කාගේ දැයි නිශ්චිත කර ගැනීම සඳහා සිදුකරන ඩී.එන්.ඒ. පරීක්‍ෂණය සඳහා ඔහු රෝහල් ගතකළ අවස්ථාවේ කොළඹ ජාතික රෝහලේ සේවය කළ රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු දසදෙනකුගේ රුධිර සාම්පල ලබා ගැනීමට පියවර ගන්නා බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08 දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට දැනුම් දුන්නේය.

ඒ සඳහා අවශ්‍ය නියෝග ලබාදෙන ලෙසට ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පෙර සතියේ අධිකරණයෙන් ලබාගත් නියෝග අනුව එකී විමර්ශනවලට දායක වූ පොලිස් නිලධාරීන් 21 දෙනකුගෙන් ලබාගත් රුධිර සාම්පල ඩී.එන්.ඒ. වාර්තා ලබාගැනීම සඳහා රජයේ රස පරීක්‍ෂකවරයාගේ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නේය. අධිකරණයෙන් ලබාගත් නියෝග අනුව සිය භාරයට ගත් දිනේෂ් ෂාෆ්ටර් මහතා හා ඔහුගේ සමීප ඥාතීන් භාවිත කළ ජංගම දුරකථන රස පරීක්‍ෂක වාර්තා කැඳවීම සඳහා රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකළ බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment