ෂාෆ්ටර්ගේ මරණය සොයන්න විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන්න උසාවිය නම් ඉල්ලයි

72

අභිරහස් ලෙස මරණයට පත්වූ කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදුවූ ආකාරය නිශ්චිතවම තහවුරුකර ගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීම සඳහා වෘත්තීය පළපුරුද්දක් ඇති වෝහාරික විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් තම අධිකරණයට ලබාදෙන ලෙස දන්වා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත සිතාසි යැවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (17දා) නියෝග කළාය.

එම නඩුව ඊයේ (17දා) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න යන මහත්වරුන් කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

එම නඩුව ලබන මාර්තු 22 වැනිදා යළි කැඳවීමට ද අධිකරණය දින නියම කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment