ෂින්සෝ අබේ අගමැතිවරයා ශ්‍රී ලංකාවටත් දේශීය ආහාරවලටත් ප්‍රියකළ අයෙකි

157
  • අග්නිදිග ආසියානු කලාපීය සංඝනායක පැල්පොල විපස්සි හිමි

ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතා, ශ්‍රී ලංකාව සමග මිත්‍රත්වය වර්ධනය කර ගැනීම සඳහා විශාල කැපවීමක් කළ අයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ දේශීය ආහාර වර්ග අනුභව කිරීමට දැඩි ලෙස ලොල්වූ අයෙක් බව අග්නිදිග ආසියානු කලාපීය සංඝනායක සහ පැල්පොල විපස්සි ජාත්‍යන්තර පදනමේ සභාපති පැල්පොල විපස්සි හිමියෝ පවසති.

ෂින්සෝ අබේ මහතා පරිණත නායකයකු මෙන්ම නිහතමානී නායකයකුද වූ බව සඳහන් කරන උන්වහන්සේ එතුමාගේ අභාවය ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලොවටම සිදුවූ විශාල පාඩුවක් යැයි ද සඳහන් කළහ.

ජපානයේ දිගු කාලයක් අගමැති ධුරය දරමින් රට දියුණුව කරා ගෙනයෑමට කටයුතු කළ ඒ මහතා වැනි දේශපාලනඥයින් ලොව බිහිවන්නේ කලාතුරකින් යැයි ද සඳහන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment