ෂෙඩ්වලට දුන් දඬුවම නිසා ඉන්ධන පෝලිම් ඇති වුණා

184

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය

ඉන්ධනහල් අසල වාහන පෝලිම් ඇති වුණේ ඉන්ධනහල් හිමියන්ට ඛනිජ තෙල් සංස්ථාව දුන් දඬුවම නිසා යැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා පැවසීය.

මාසයේ පළමු වැනිදා ඉන්ධන මිල අඩුකරන බවට ආරංචියක් පැතිර යෑම නිසා ඉන්ධන හල් හිමියන් ඔක්තෝබර් 31, නොවැම්බර් 01 සහ 02 වැනිදා ඉන්ධන ඇණවුම් නොකළ බවත් ඒ මහතා කීය. ඊට දඬුවමක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව පසුව ඉන්ධන ඇණවුම් කළ ඉන්ධන හල්වලට දින තුනක කාලයක් ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත් ඔහු කීය.

මේ සම්බන්ධයෙන් විෂය භාර ඇමැතිවරයා ඇතුළු නිලධාරීන් සමග සාකච්ඡා කර එම ක්‍රමවේදය වෙනස් කරගත් බවත්, ඒ අනුව ලබන සඳුදා (07 දා) පමණ වනවිට ඉන්ධන හිඟය මඟහැරෙනු ඇති බවත් සන්දනායක මහතා වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment