ෂෙඩ් පෝළිම ළඟ ඛේදවාචකයක්: යතුරුපැදිය කන්ටේනරයේ හැපී මව මරුට දුව රෝහලේ…

498

මාරවිල ප්‍රදේශයේ වෛද්‍යවරයකු හමුවී දත් කැක්කුමට ප්‍රතිකාර ලබාගෙන කටුනේරියේ සිය නිවස කරා එන විට ලන්සිගම ඉන්ධන පිරවුම්පළ අසල තදබදයට ලක්වූ මවක හා දියණියක පැමිණි 49 ක්‍ක්‍ කුඩා ප්‍රමාණයේ යතුරුපැදියක් 27 වැනිදා රාත්‍රි අටට පමණ කොළඹ දෙසට (එකම දිසාවට) දිවෙන කන්ටේනර් රථයකට යට වීමෙන් මව මියගොස් ඇතැයි මාරවිල පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ කටුනේරිය ලන්සිගම ප්‍රෝටස් තිසේරා මාවතේ අඩප්පර වත්ත පදිංචි චන්ද්‍රානි පීරිස් (54) නමැති එක් දරු මවකි. ඇයගේ සිරුර කැඩී බිඳී බරපතළ ලෙස හානි සිදුවී තිබුණි.

කකුලක් බිඳී බරපතළ තුවාල ලබා සිටි ඇය සමග පැමිණි දියණිය වන හිරුනි නිමේශා (18) මාරවිල මූලික රෝහලෙන් කොළඹ ජාතික රෝහලට යවා තිබුණි.

මියගිය කාන්තාවගේ සැමියා බස්රථවල සහායකයකු ලෙස කටයුතු කරයි. මියගිය කාන්තාව බැංකුවක කම්කරු වෘත්තියෙහි යෙදුණු අයෙකි. තුවාල ලැබූ දියණිය පාසල් අධ්‍යාපනය නිමාකර ඇති අයෙකි.

තමා ප්‍රධාන මාර්ගයේ මාදම්පේ සිට කොළඹ බලා යෑමට සිය කන්ටේනර් රථයෙන් එන විට ඉදිරියෙන් ගිය යතුරුපැදිය පාර දෙසට ඇදී ආ බවත්, කන්ටේනර් බඳෙහි යතුරුපැදිය වැදී රථයට යට වූ බවත් රියැදුරු පොලිසියට පවසා තිබුණි. ඔහු අත්අඩංගුවට ගත් මාරවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නාත්තන්ඩිය – රෙක්ස් හැරිසන්

advertistmentadvertistment
advertistmentadvertistment