ෂෙඩ් 121 ක් තෙල් ඇණවුම් කර තිබුණේ නෑ

172

ඇමැති කංචන ට්විටර් සටහනකින් කියයි

පසුගිය දිනවල ඉන්ධන පෝලිම් නිර්මාණය වී තිබුණේ ඉන්ධන පිරවුම්හල් 121 ක් මැයි 27 සිට 31 වැනිදා දක්වා කාලය තුළ ඉන්ධන ඇණවුම් නොකිරීම සහ අනෙකුත් ඉන්ධන හල් අවම තොග පවත්වාගෙන යෑමට ඉන්ධන ඇණවුම් නොකිරීම නිසා යැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

ඛනිජ තෙල් සංස්ථාව සමඟ ගිවිසුම් ගතවීමේදී අනුගමනය කළයුතු කොන්දේසි උල්ලංඝනය කර ඇති ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවද ඇමැතිවරයා ට්විටර් සටහනක් නිකුත් කරමින් කියා සිටී.

කෙසේ වෙතත් ඊයේ (04දා) වනවිට සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන ලබාදුන් බවද ඇමැතිවරයා එම ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත. ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන තොග සියයට පනහක් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් එහි සඳහන් කර තිබේ.

ඉන්ධන පෝලිම් නතර කිරීම සඳහා ඊයේ සහ පෙරේදා (03දා) ඉන්ධන තොග සපයන ලෙසද ඇමැතිවරයා විසින් ඛනිජ තෙල් සංස්ථාවට උපදෙස් දී තිබුණි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment