ෂෙනුකිගෙන් රන් පදක්කම් හතරක් – ආසියානු සවි එසවීමේ ශූරතාවලිය

465

2021 ආසියානු සවි එසවීමේ ශූරතාවලියේදී රන් පදක්කම් හතරක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාවේ ෂෙනුකි දිශාල්්‍යා සමත් වූවාය.

 එ් අනුව එහිදී ඇය විසින් කිලෝ ග‍්‍රෑම් 47 බර පන්තිය නියෝජනය කරමින් Dead Lift, Bench Press, Squat යන තරග ඉසව් 3ක් සඳහා රන් පදක්කම් දිනා ගැනීමට ෂෙනුකි සමත්වූ අතර සමස්ත තරගාවලියේ ශූරතාවය ද හිමිකර ගනිමින් ඊට හිමි රන් පදක්කම ද දිනා ගැනීමට ඇය සමත්වූවාය.

 තුර්කි සවි එසවීමේ සම්මේලනයේ සහයෝගය ඇතිව ආසියානු සවි එසවීමේ සම්මේලනය විසින් මෙම තරගාවලිය සංවිධානය කර තිබුණු අතර එ් සඳහා රටවල් 19ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සහභාගි වී සිටියහ.

 පසුගිය 24 වැනිදා ඇරැඹි ආසියානු සවි එසවීමේ ශූරතාවලිය අදින් (30 වැනිදා) අවසන් වීමට නියමිතව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment