ෂෙහාන්, නන්දලාල් සහ මහින්ද අද වොෂින්ටන්හිදී අයිඑම්එෆ් හමුවෙති

297

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග අද (10දා) ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්වෙන හමුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාර ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහභාගි වෙති.

මේ සම්බන්ධව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ වොෂින්ටන්හිදී පැවැත්වීමට නියමිත මෙම හමුවේදී ණය තිරසාරභාවය සහතික කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට ලබා ඇති ප්‍රගතිය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සහයෝගීතාව වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්බන්ධීකරණය සහ අදාළ වගකීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වෙත පවරා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment