ෂෝෂල් මීඩියාවල පවුල් ජීවිතේ ෂෙයාර් කරන්නේ නෑ

353

බල්ලො බිරුවට කඳු පාත්වෙන්නේ නැහැ…. ආදිත්‍යා මගේ පාසලේ දරුවෙක්….. මම කළේ හරි දේ
– ත්‍රිකලා ධරණි

රෝස පැහැති රේන්ජ් රෝවර් රථයේ හිමිකාරිය නොහොත් ත්‍රිකලා ධරණි ඉතා කෙටි කාලයකින් බොහෝ දෙනකුගේ ආදරය දිනාගත් චරිතයක්. පසුගිය දිනවල ඇය පැවැත්වූ විලාසිතා දැක්මක් හේතුවෙන් ත්‍රිකලා ගැන වැඩි වැඩියෙන් කට්ටිය කතාබහ කරන්න පටන් ගත්තා. නිරූපණ ක්‍ෂේත්‍රයේම පිරිසකගෙන් ඇයට දැඩි විවේචන එල්ල වුණා. ආදිත්‍යා වැලිවත්තට කිරුළක් පැළඳීම ගැනත් අන්තර්ජාලයේ විවිධ මත පළවෙලා තිබුණා. නිහඬව හිටපු ත්‍රිකලාගේ හඬ අවදි කළේ ඒ ගැන දැනගන්න හිතාගෙනමයි.

ෂෝෂල් මීඩියාවල පවුල් ජීවිතේ ෂෙයාර් කරන්නේ නෑ

● ත්‍රිකලා ඇයි මේ හදිසියේම විලාසිතා දැක්මක් සිදුකළේ?

ඇත්තට ම මේක හදිසියේම ගත්තු තීරණයක් නෙමෙයි. මම මගේ දරුවන්ට Top Model by Thrikala Darani ආයතනයෙන් උගන්වන්නේ ජාත්‍යන්තර නිරූපණ ක්‍ෂේත්‍රයේ විෂය නිර්දේශය. මම ඉගෙන ගත්තු” මට උගන්වපු ගුරුවරු මට කියලා දුන්නා නිරූපණයට සහ ආධුනිකයෙක්ව ක්‍ෂේත්‍රයට යොදවනවා නම් ක්‍ෂේත්‍රයේ අතරමං නොවී ඉන්න යොදවන්න ඕනෑ. නිරූපණය කියන්නේ පොතකට සීමා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මගේ ආයතනයෙන් ඉගෙන ගත්තු දරුවෝ Top Model ආයතනයෙන් ග්‍රැජුවේෂන් කියලා එකක් ගන්නවා. ඉතිං graduation fashion show එක තමයි මේ කිව්වේ. ඒක අමුතුවෙන් කරපු දෙයක් නෙමෙයි. මේක ගියපාරත් කළා. මගේ දෙවැනි කණ්ඩායම තමයි මගේ ෆැෂන් ෂෝ එක කළේ. මෙවර දරුවෝ 250ක් ග්‍රැජුවේට් වුණා. ආසියාවෙ පළමු වතාවට තමයි ඍතු හතරම නිරූපිකාවෝ 250ක් RAMP කළේ. ඉතිං මේක ලංකාවේ ලොකුම ෆැෂන් ෂෝ එක බවට පත්වීමත් සමගම ලංකාව තුළ ලොකු ආන්දෝලනාත්මක කතාබහක් ඇති වෙනවා.

ෂෝෂල් මීඩියාවල පවුල් ජීවිතේ ෂෙයාර් කරන්නේ නෑ

● ඔබ කොහොමද එහෙම කියන්නේ කොහොමද ඔප්පු කරන්නේ?

ඕනෑම කෙනකුට ඉතිහාසය අරගෙන බලන්න පුළුවන්. එකම RAMP එකක් මත නිරූපිකාවෝ 250ක් RAMP කරල තියෙනවාද කියලා. මගේ දැනුම මට්ටම අනුව එකම RAMP එකක් මත ඍතු හතරම නියෝජනය කරල නැහැ කියලා මම වගකීමෙන් කියනවා.

ෂෝෂල් මීඩියාවල පවුල් ජීවිතේ ෂෙයාර් කරන්නේ නෑ

● ඇයි මේ ආදිත්‍යා වැලිවත්තට ක්‍රවුන් එකක් දැම්මේ?

මගේ මැනේජර් හා ඇසිස්ටන් තමයි ආයතනයට දරුවෝ බඳවා ගන්නකොට තොරතුරු එකතු කරන්නේ. ඉතිං මේ ආදිත්‍යා වැලිවත්ත කියන දරුවාත් අයැදුම් පත්‍රයක් යොමු කරලා සාමාන්‍ය දරුවෙක් විදිහට අයදුම් කරලා තිබුණා. පන්තිය පටන් ගන්නකොට තමයි දැනගත්තේ ආදිත්‍යා වැලිවත්ත කියන දරුවත් මෙවර පන්තියට ඉන්නවා කියලා. ආදිත්‍යාට සෑහෙන දුර ගමනක් යන්න පුළුවන්. අනිවාර්යයෙන් ම මගේ ෆැෂන් ෂෝ එකේ රෑම්ප් කරන්න පුළුවන් කීපදෙනකු මාස දෙකක ජාත්‍යන්තර විෂය නිර්දේශය සාර්ථකව නිම කරපු දරුවකුට විතරයි. ඉතිං ආදිත්‍යත් පළමු දවසේ ඉඳලා සාමාන්‍ය දරුවෝ එක්ක එකට ඉඳලා මේ විෂය හැදෑරුවා. graduation එක දවසේ ආදිත්‍යා වැඩ පෙන්නුවේ ඒ නිසයි.

ෂෝෂල් මීඩියාවල පවුල් ජීවිතේ ෂෙයාර් කරන්නේ නෑ

● ආදිත්‍යාට ක්‍රවුන් එක පැළැන්දුවට පස්සේ විවිධ කතා සමාජ මාධ්‍යවල පැතිරුණා නේද?

ඔව්. ආදිත්‍ය හිටියත් නැතත් ගොඩක් අයට රිදිල තියෙනවා. මම මේ graduation එක කරපු පළමු අවස්ථාව මෙය නෙමෙයි. මම ගිය පාරත් ළමයි 45 ක් එක්ක ෆැෂන් ෂෝ එකක් කළා. එතකොට මිනිස්සු මට මඩ ගහන්න ආවේ නැහැ. හැබැයි මේ පාර ළමයි 250 ක් ඉන්නවා කියලා දැන ගත්තාට පස්සේ කට්ටියගේ ඇස් ඇරුණා. ඇත්තට ම මඩ ගහන්න ගත්තේ ක්‍ෂේත්‍රයේ හිටපු ප්‍රවීණයෝ. කවුරු හරි කෙනෙක් මේ ක්‍ෂේත්‍රය ගොඩගන්න හදනකොට වගේම ජාත්‍යන්තර මට්ටමට ළඟාවෙන්න හදනකොට ඒකට කකුලෙන් අදින එක තමයි කරන්න හදන්නේ. නිරූපණ ක්‍ෂේත්‍රයේ සදාකල් වැජඹෙන්න පිරිසක් උත්සාහ කරනවා. ඔවුන් අලුත් මුහුණුවලට එන්න දෙන්නේ නැහැ. නිරූපණයට දරුවෝ 250ක් ඉන්නවා කියලා දැන ගත්තාට පස්සේ කට්ටියගේ ඇස් ඇරුණා. මම ගියපාරත් ඔය ෆැෂන් ෂෝ එක ඔය ස්ථානයේදීම ඔය විදිහට කළා. හැබැයි එතකොට කවුරුත් මට මඩගහන්න ආවේ නැහැ. හැබැයි දැන් මේක ලංකාවේ ලොකුම ෆැෂන් ෂෝ එක වුණාට පස්සේ තමයි ඔක්කොම ප්‍රශ්න.

ෂෝෂල් මීඩියාවල පවුල් ජීවිතේ ෂෙයාර් කරන්නේ නෑ

● මුහුණුපොතේ සිදුවන මඩගැසීම් දරාගන්න පුළුවන්ද?

ජාත්‍යන්තරය නිරූපණය කළා කියලා සුපර් මොඩල් කෙනෙක් වෙන්න බැහැ කියන එක ලංකාවේ මිනිස්සුන්ට තේරිලා නැහැ. ඉතිං ලංකාවේ මුහුණු පොතේ සුපර් මොඩ්ල් කියලා ඉන්න ගොඩක් අයට රිදිලා තියෙනවා. බල්ලො බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ. මම කිසිසේත්ම වැටෙන්නේ නැහැ. තමන්ට තියෙන දේවල් කාටවත් පෙන්වන්න වුවමනා නැහැ. ඇත්තට ම මගේ ළඟ තියෙන දේවල් කාටවත් පෙන්නලා නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මාව දන්න අය දන්නවා මම කවුද කියලා. මම හිතන්නේ රිදෙන්න දෙයක් කළොත් තමයි ඒක මිනිස්සුන්ට දැනෙන්නේ. මේ දේ මිනිස්සුන්ට දැනිලා තියෙනවා ඕවා ගැන කතා කරලා වැඩක් නෑ. මම කවුද කියන එක මට පෙන්වන්න වුවමනා නැහැ. මොකද මට යන්න ඕනෑ තැනට මගේ හීනවලට ගිය කෙනෙක්. මට ලබාගන්න දෙයක් නෑ. මම කරන්නේ ඉදිරි පරම්පරාවේ ඇස් පාදන එකයි.

ෂෝෂල් මීඩියාවල පවුල් ජීවිතේ ෂෙයාර් කරන්නේ නෑ

පුද්ගලික ජීවිතය ගැන හිතන්නේ මොන විදිහටද?

මගේ මුළු ලෝකයම මගේ පවුල. ඒක වටේ තමයි මගේ අනෙක් හැම දේවල්ම තියෙන්නේ. පුංචි කාලේ හීන පස්සේ හඹා ගියා. මගේ පවුල මට හම්බවුණා. මගේ සැමියා ඉනෝක පෙරේරා. චූටි බබා සෙලීන්. ඒ දෙන්නා තමයි මගේ ලෝකය. මගේ පවුලට තමයි මගේ ප්‍රමුඛත්වය. මම සමාජ මාධ්‍යවල මගේ පවුල් ජීවිතය ෂෙයාර් කරගන්න කැමැති නැහැ. නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ දේවල් විතරයි මම සමාජ මාධ්‍යයේ දාන්නේ. මොකටද ඍණාත්මක තීරණවලට ආරාධනා කරන්නේ. මම හිතන්නේ පුද්ගලික ජීවිතය සමාජ මාධ්‍යයට දාන්න ඕනෑ නැහැ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment