සංක‍්‍රමණිකයන් පිරිසක් නිසා ස්පාඤ්ඤයේ ගුවන්තොටුපළක් වසා දමයි

422

තුර්කිය බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකින් පැනගත් මගීන් පිරිසක් කොටු කරගැනීම සඳහා ස්පාඤ්ඤයේ කාර්යබහුල ගුවන් තොටුපළක් වන ‘පල්මා ඞී මල්ලොර්කා’ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉකුත් සිකුරාදා රාත‍්‍රියේ පැය 04 කට ආසන්න කාලයක් වසා දැමීමට ගුවන් තොටුපළ බලධාරීන්ට සිදුව තිබේ.

 මොරොක්කෝවේ කැසබ්ලන්කා නගරයේ සිට තුර්කියේ ඉස්තාන්බුල් නගරය දක්වා පියාසර කරමින් තිබූ සංක‍්‍රමණිකයන් සහිත ගුවන් යානයක් වෛද්‍යමය හේතුන් මත ‘පල්මා ඞී මල්ලොර්කා’ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩ බැස්වූ අවස්ථාවේදී එහි සිටි සංක‍්‍රමණිකයන් 21 දෙනකු මෙසේ ගුවන් යානයෙන් බැස පලා ගොස් තිබේ. මෙහිදී ගුවන්තොටුපළේ නවතා තිබූ ගුවන් යානාවලට මුවා වෙමින් පැන ගොස් ඇති මෙම පිරිස ගුවන්තොටුපළ භූමියේ පිහිටි යකඩ වැටෙන්ද පැන යෑමට පියවර ගැනීම නිසා ගුවන්තොටුපළ තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණු අතර පැන ගිය පිරිස සොයා සිදු කළ මෙහෙයුමේදී ඉන් 09 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් පියවර ගෙන තිබේ. තවත් 12 දෙනකු අතුරුදන්ව සිටින අතර ඔවුන් සොයා පොලිස් මෙහෙයුම් තවදුරටත් ක‍්‍රියාත්මකව පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment