සංගා සහ මාලි ගේ පුහුණුවට ලාරා සහ මුරලි පරදිති

706

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර ප‍්‍රධාන පුහුණුකරු ලෙස සහ ලසිත් මාලිංග වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙවර අයිපීඑල් තරගාවලියේ තමන් සහභාගි වූ පළමු තරගයෙන්ම ලකුණු 61ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට පෙරේදා (30 වැනිදා) සමත් වූයේය.

 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් දඟ පන්දු පුහුණුකරු ලෙස සහ උපාය  මාර්ගික පුහුණුකරු ලෙස කටයුතු කරන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කරමින් ඔවුහු මෙම ජයග‍්‍රහණය ලැබූහ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු බ‍්‍රයන් ලාරා එම කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.

 රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලූ 6ක් දැවී ලකුණු 210ක් ලබා ගත් අතර හයිද්‍රාබාද් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී දී ලබා ගත හැකි වූයේ කඩුලූ 7ක් දැවී ලකුණු 149ක් පමණි.

 පන්දු 27කදී ලකුණු 55 ක් ලබා ගත් රෝයල්ස් කණ්ඩායමේ නායක සංජු සැම්සන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

 ලකුණු සාරාංශය

 රාජස්ථාන් රෝයල්ස් 210/6 (සංජු සැම්සන් 55, දෙව්දුත් පඩික්කාල් 41, උම්රන් මලික් 39/2, ටී. නටරාජන් 43/2*

 සන්රයිසස් හයිද්‍රාබාද් 149/7 (ඒඞ්න් මාක‍්‍රම් නොදැවී 57, වොෂින්ටන් සුන්ඩාර් 40,යුෂ්වේන්ද්‍ර චහාල් 22/3, ප‍්‍රසාද් ක‍්‍රිශ්නා 16/2*

advertistmentadvertistment
advertistmentadvertistment