සංගීතයෙන් හදවත් සුවකරන දොස්තර සාලිය

151

දෛවයට අනුව හිමි වූ සහජ හැකියාවන් විදහා දක්වමින් සංගීතයට ඇලූම් කරන ඔහු නමින් සාලිය උඩුවැල්ලය.

 වයස අවුරුදු 6 දී පමණ පාසලේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටින අතරතුර ගීත ඇල්බමයක් එළිදැක්වීමට තරම් දක්‍ෂයකු වූ ඔහු ඉන් පසුවද වරින් වර ගීත දොළහක් එළිදක්වමින් ලොකු කුඩා සැමගේ ආදරය දිනාගන්නට සමත් වෙනවා.

 කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන සාලිය සිය ඉගෙනුම් කටයුතුවල නියැළෙන අතරතුර ගායනයට මෙන්ම ගිටාර්” ඩ‍්‍රම්ස්” පියානෝ” ඕගන් වැනි සංගීත භාණ්ඩ වාදනයටත් දක්ෂතා දක්වන්නට වුණා.

 මේ වනවිට වෛද්‍ය ශිෂ්‍යයෙක් ලෙස රුසියාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහු ඉදිරියේදී රෝගීන් වෙනුවෙන් මියුසික් තෙරපි ප‍්‍රතිකාරය ලබා දෙන්නටත් බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ ගැන වැඩිදුරටත් අදහස් දක්වන සාලිය කියන්නෙ හෘද රෝගීන්ට වගේම ඔටිසම් ඇතුළු තවත් බොහොමයක් රෝග පීඩාවලට මෙන්ටල් රිලැක්සේෂන් හරහා ඔවුන් තුළ පවතින ආතතිය දුරු කිරීම තුළ ඉක්මන් නිරෝගී සුවය ළ`ගාකරදිය හැකි බවයි.

 යොවුන් වියේ පසුවෙන අතරතුර තාරුණ්‍යයේ හදවතට කතා කරමින් පෙම් සිත් යායේ මායිම් කතාවේ” හිත පූදින්නෙක් වැනි තරුණ සිත් තුළ නිරතුරුවම උපදින පේ‍්‍රමාන්විත සිතුවිලි හා බැඳීම් ඇති කරන අපේ රටේ ජනප‍්‍රිය දක්‍ෂ ගීත රචකයන්ගේ අතින් ලියැවුණ ගීත රැුසක් ගයමින් තරුණ තරුණියන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් ලබාගනිමින් ඔවුනගේ ආදරයට පාත‍්‍රව සිටින සාලිය මේ වනවිට ඒ ආදරය දෙගුණ තෙගුණ කරන්නට සමත් වී සිටීම විශේෂත්වයකි.

 ඒ සඳහා ඉඩ හසර ලැබුණ ආකාරය ඔහු මේ විදියට පැහැදිලි කළා. මම ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයේ රටවල් ගණනාවක සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසකුත් ඉගෙනුම ලබනවා. ඔවුන් හැමෝම වගේ දන්නවා මම ගායන ශිල්පියෙක් විදියටත් කටයුතු කරන බව.

 ඒ ඇරුනම විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන හැම ප‍්‍රසංගයකදීම මට ගීත ගායනා කරන්න අවස්ථාව උදාවෙනවා. ඒ වෙලාවට ඉතින් මම හැමදාමත් ගායනා කරන්නෙ සිංහල සිංදු නිසා බොහෝ දෙනෙකුට ඒ ගීතවල නියම රසය විදගන්න බැරි වෙනවා ඔවුන්ට සිංහල භාෂාව ගැන දැනුමක් නැතිකම නිසා.

 ඒත් හැම රටකින්ම වෛi විiාලයට ඇවිත් ඉගෙන ගන්න සහෝදර ශිෂ්‍ය පිරිස් ඉංග‍්‍රීසි භාෂාව හොඳින් තේරුම් ගන්න පුළුවන් අය නිසා බොහෝ විට ඔවුන්ගෙන් ඉල්ලීම් ලැබුණා ඉංගී‍්‍රසි සිංදුවක් කියන්න කියලා. ඒ වෙද්දි මමත් හිතාගෙන හිටියා ප‍්‍රසංග අවස්ථාවලදී අපි හැමෝටම එකතුවෙලා රසවිඳලා සතුටුවෙන්න එවැනි ගීත ගායනා කළොත් හොඳයි කියලා.

 අන්න ඒ විදියට තමයි ‘‘ඉන්ටොක්සිකේට් මී.. (ඔබේ ආදරයෙන් මාව මත් කරන්න) කියන මගේ ප‍්‍රථම ඉංග‍්‍රීසි සිංදුව කරන්න මම පෙළඹෙන්නෙ.

 මෙම ගීතයේ පදරචනය මෙන්ම සංගීත අධ්‍යක්‍ෂණය සිදු වුණේ ඇමෙරිකානු සම්භවයක් ඇති සිම්බාබ්වේ ජාතිකයකු වන ප‍්‍රවීණ සංගීත අධ්‍යක්‍ෂවරයකු වූ ලෙස්ලි ෆිෂ් නමැති සංගීතඥයා අතින්. ඒත් ඒ ගීතයට සංගීතය මුසු කළේ අපේ රටේදී. ඒ අනුෂ්ක දසනායක කියන දක්‍ෂ සංගීත ශිල්පියා විසින්.

 අද වෙනකොට අහම්බෙන් කළත් මේ ගීතයට ලොකු ඉල්ලූමක් තියෙනවා. ඒක මම කවදාවත් හිතපු නැති දෙයක්. දැන් ගොඩක් රටවල්වල ප්ලේ ලිස්ට් වල මම ගායනා කරන ‘ඉන්ටොක්සිකේට් මී. කියන මගේ පළමු වැනි ඉංගී‍්‍රසි ගීතය ඇතුළත් වෙලා තියෙනවා. ඒ ගැන මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්.

 ඇත්තටම කිව්වොත් ‘‘ඉන්ටොක්සිකේට් මී.. කියන්නේ මට ඔබේ ආදරේ වැඩියෙන් අවශ්‍යයි ඒ ආදරය මට වැඩියෙන් ලබාදී මාව ආදරයෙන් මත්කරන්න කියන එකයි. ඔය තේරුම නිසා තමයි ගොඩදෙනෙක් ගීතය ආදරෙන් වැළඳ ගත්තේ.

 ඒත් එක්කම දැන් බොහෝ ආරාධනා ලැබෙනවා තවත් ඉංග‍්‍රීසි ගීත නිර්මාණය කරල ගායන කරන්න කියලා. ඉදිරියේදී මගේම කියලා ඉංග‍්‍රීසි ගීත එකතුවකුත් හදාගෙන මගේ ගීත ප‍්‍රියකරන ආදරණීයයන්ට ඒ රසය දෙන්න ඕන කියන අහිංසක බලාපොරොත්තුව මගේ හිතේ තියෙනවා.

 ඉදිරියේදී වෛද්‍යවරයෙක් ලෙස ජීවිතය ජයගනිමින් මට සහජයෙන් ලැබුණ සංගීත හැකියාව තුළ ආපු මේ ගමන තුළ අවබෝධයෙන් යන අතරෙ මගේ හඬට ආදරය කරන හැම කෙනෙකුටම සාධාරණය ඉටුකරන අතරතුර සංගීත ක්‍ෂේත‍්‍රය හරහා ශ‍්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙනියන එක තමා එකම අරමුණ යැයි සාලිය උඩුවැල්ල අපට කිව්වා.



 ධම්මික හේවාවසම්

advertistmentadvertistment
advertistmentadvertistment