සංගීත තරුවට  බදු වංචා නඩුවක්

221

කොලොම්බියානු සංගීත තරුවක් වන ශකිරාට එරෙහිව යුරෝ මිලියන 14.5 බදු වංචාවක් සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.

බාසිලෝනා අධිකරණයක් විසින් ශකිරාට බදු අපරාධ 6ක් සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටින ලෙස නියෝග කර ඇතත් නඩුව විභාග වන දිනයක් මෙතෙක් නියම කර නැත.

ස්පාඤ්ඤ බලධාරීන්ට අවශ්‍ය වන්නේ සුපිරි තරුව වසර අටකට සිරගත කිරීමට සහ ඇය වැරදිකරු වුවහොත් ඇයට යුරෝ මිලියන 23.8 ක දඩයක් පැනවීමටයි.

45 හැවිරිදි ශකිරා පවසන්නේ තමන් කිසිදු වරදක් සිදු නොකළ බවයි.

‘මගේ නඩුවට සහාය දැක්වීමට ප්‍රමාණවත් සාක්ෂි මා සතුව තියනවා. මට පක්ෂව යුක්තිය ඉටුවනු ඇති බවත් මට විශ්වාසයි’, යනුවෙන් ඇය මෑතකදී ‘එල්ලේ සඟරාවේ’ ස්පාඤ්ඤ සංස්කරණය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවාය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment