සංඝරත්නයේ මැදිහත් වීමට ප්‍රණාමය පුද කළයුතුයි 13ට දරණ උත්සාහය තරයේ හෙළා දකිනවා

120

බෙංගමුවේ නාලක හිමි

ව්‍යවස්ථා විරෝධීව සම්මත කර ගන්නා ලද 13 වැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීමට දරණ උත්සාහය තරයේ හෙළා දකින බව සඳහන් කරමින් දේශප්‍රේමී භික්ෂු පෙරමුණ සහ චින්තන පර්ෂදය වෙනුවෙන් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගේ අත්සනින් නිවේදනයක් නිකුත් කර ඇත. ඒකීය භාවය සුරැකීම වෙනුවෙන් මැදිහත් වීම පිළිබදව මහා සංඝරත්නයටද ප්‍රණාමය පුද කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය තමන්වහන්සේලාගේ මතය ප්‍රකාශයට පත්කර ඇත. එම ප්‍රකාශය මඟින් මෙතෙක් කිසිම ජනාධිපතිවරයෙකු විසින් ක්‍රියාත්මක නොකරන ලද ඉඩම් බලතල සහ පොලිස් බලතල පළාත් සභාවලට පැවරීමෙන් වැළකී සිටින ලෙස උන්වහන්සේලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා තිබේ. ශ්‍රී ලංකාවේ ඒකීයභාවය රැකගැනීම වෙනුවෙන් මෙසේ මැදිහත් වීම පිළිබඳව ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයට අපේ ප්‍රණාමය පුද කර සිටිමු.

දැනටමත් ප්‍රජාතන්ත්‍ර විරෝධිව හා ව්‍යවස්ථා විරෝධිව පාර්ලිමේන්තුවේදී සම්ම්ත කරගන්නා ලද 13 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ශ්‍රී ලංකාවේ ඒකීයභාවය පළුදු වී තිබේ. ඒකීය රාජ්‍යයක් තුළ ව්‍යවස්ථාදායක බලය බෙදීම යන්නම විසංවාදයකි. මක්නිසාදයත් ඒකීය රාජ්‍යයයක ව්‍යවස්ථාදායක බලතල එනම් නීති සම්පාදනය සිදුවන්නේ එක් කේන්ද්‍රස්ථානයකින් පමණි. එනම් ශ්‍රී ලංකාවේදී පාර්ලිමේන්තුව මඟින් ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක වේ. 13 වන සංශෝධනය මඟින් ව්‍යවස්ථාදායක බලතල සමහරක් දැනටමත් පළාත් සභාවලට පවරා තිබේ.මෙය ෆෙඩරල් ව්‍යවස්ථාවක ලක්ෂණයකි. එනම් නීති සම්පාදනය කේන්ද්‍ර කිහිපයකින් සිදුවේ. ජනතාවගේ එදිනෙදා කටයුතු වලට අදාළ පරිපාලන බලතල විමධ්‍යගත කිරීම මේ සමඟ පටලවා නොගත යුතුයි. පරිපාලන බලය විමධ්‍යගත කිරීමට අපද එකඟය.13වන සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධීව පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා ලද්දකි.

කෙසේ නමුත් මෙතෙක් බලයට පත්වු කිසිම ජනාධිපතිතුවරයෙකු විසින් 13 වන සංශෝධනයේ අඩංගු ඉඩම් බලතල හා පොලිස් බලතල පළාත් සභාවලට පැවරීම ක්‍රියාත්මක නොකරන ලදී.
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment