සංචරණ සීමා අස්සේ මගුල් පාටි දාලා… 5 ක් අත්අඩංගුවට

127

සංචරණ සීමා පනවා තිබෙන මොහොතක නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කල්පිටිය, කන්දකුලිය ප‍්‍රදේශයේ මංගල සාදයකට සහභාගි වූ පස්දෙනකු පෙරේදා (17දා* රාතී‍්‍ර අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
 
 කිසියම් පිරිසක් අදාළ මංගල උත්සවය පැවැත්වීමට කල්පිටිය පොලිසියෙන් අවසර ඉල්ලා ඇතත් ඒ සඳහා අවසර ලබා නොදුන් පසුබිමක හොර රහසේ මෙම මංගල උත්සවය පවත්වා ඇතැයි පොලිසිය කියයි.
 
 මංගල උත්සවයට සහභාගි වූ සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් පරීක්‍ෂණ සිදුකරන බවද පොලිසිය කියයි.
 
 ඊට 100 දෙනකු පමණ සහභාගි වී ඇති බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනා බීමත්ව සිට ඇති බවත් එම තරුණයින් මත්පැන් පානය කර නටමින් සිටි අවස්ථාව සජීවීව අන්තර්ජාලයට මුදාහැර ඇති බවත් පොලිසිය පවසයි.
 
 අත්අඩංගුවට ගත් පිරිසට අද දිනයේ සෞඛ්‍ය වෛi නිලධාරී කාර්යාලය මගින් පී. සී. ආර්. පරීක්‍ෂණ සිදුකිරීමට නියමිතය.
 
 කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මවුසන් මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කර ඇත.

 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment