සංචරණ සීමා ලිහිල් කරමින් අද සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

129

පොදු ප‍්‍රවාහන සේවය, කුලී රථ, රෙදි සාප්පු, අවන්හල්, පුස්තකාල, ස්පා ආදිය සඳහා මෙතෙක් පනවා තිබූ සංචරණ සීමාවන් ලිහිල් කරමින් අද (5 දා) සිට මෙම මස 19 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛi අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත්කර ඇත.

*රෙදි සාප්පු විවෘත වෙයි පදික වෙළඳාමටත් අවසර

* ජිම්, පුස්තකාල හා අවන්හල්වලටත් ඉඩ

උපාලි ද සේරම්

පොදු ප‍්‍රවාහන සේවය, කුලී රථ, රෙදි සාප්පු, අවන්හල්, පුස්තකාල, ස්පා ආදිය සඳහා මෙතෙක් පනවා තිබූ සංචරණ සීමාවන් ලිහිල් කරමින් අද (5 දා) සිට මෙම මස 19 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛi අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත්කර ඇත.

කෙසේ වෙතත් දැනට බලපැවැත්වෙන පළාත් සංචරණ සීමාවන් තවදුරටත් කි‍්‍රයාත්මකය.

එසේම මංගල උත්සව ඇතුළු ගෘහස්ථ පෞද්ගලික උත්සව පැවැත්වීම, පූජනීය ස්ථාන, පිහිනුම් තටාක, සිනමාහල් සහ කෞතුකාගාර, පබ් සහ බාර්, කැසිනෝ සමාජ ශාලා, ඔට්ටු මධ්‍යස්ථාන විවෘත කිරීම, සැණකෙළි සහ සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා පනවා ඇති සංචරණ නීති තවදුරටත් කි‍්‍රයාත්මකය. ඒ අනුව ඒවා තවදුරටත් වසා තැබෙනු ඇත.

අද සිට කි‍්‍රයාත්මක සංචරණ සීමා ලිහිල් කිරීම යටතේ පොදු ප‍්‍රවාහන සේවයේ මගීන් රැුගෙන යෑමේදී බස්නාහිර පළාත තුළ ආසන ධාරිතාවෙන් සියයට (30%) සීමාව යටතේ මගීන් රැුගෙන යෑමට අවසර හිමිව තිබේ.

සෙසු පළාත්හි ආසන ධාරිතාවෙන් සියයට 50 ක් (50%* රැුගෙන යා හැකිය. පුද්ගලික රථ, කුලී රථ සහ ටැක්සි රථවල ආසන ධාරිතාවට ගමන් කළ හැකිය.

උපයෝගීතා සේවා සහ වෙනත් අත්‍යවශ්‍ය සේවා, රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන අවම සේවක සංඛ්‍යාවකින් පවත්වගෙන යා යුතු වේ.

ආයතන රැුස්වීම් දස දෙනකුට සීමාකර පැවැත්විය හැකිය.

වැඩමුළු, සම්මන්ත‍්‍රණ, සන්නාම දියත්කිරීම උපරිම සාමාජිකයන් 25 කට සීමාකළ යුතුය.

ඇඟලූම් හා අනෙකුත් කර්මාන්ත ශාලා විවෘත කළ හැකිය.

ලියාපදිංචි පදික වෙළෙඳුන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සිය වෙළෙඳාම් කළ හැකි වේ.

නිමි ඇඳුම් විකිණීමේ වෙළෙඳ සල් වරකට ගනුදෙනුකරුවන් ගෙන් සියයට 25 ක (25%* උපරිමයක් යටතේ පවත්වාගෙන යෑමට අවසර හිමිව ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කරමින් විභාග පැවැත්විය හැකිය.

ව්‍යායාම මධ්‍යස්ථාන සහ ගෘහස්ථ කී‍්‍රඩාගාර, පුස්තාකාල, ස්ථානය තුළ අනුභව කරන අවන්හල් සහ පිටතට ආහාර රැුගෙන යන අවන්හල්, හෝටල් සහ විවේකාගාර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව විවෘත කළ හැකිය.

මංගල උත්සව සඳහා අවසර නැති අතර විවාහය ලියාපදිංචිය සඳහා පමණක් අවසර ඇත. එය මනාලයා සහ මනාලිය ඇතුළු 10 දෙනකුගේ සහභාගීත්වයෙන් සිදුකළ යුතුය.

වැඩිහිටි සහ ළමා නිවාස සහ බන්ධනාගාර සඳහා අමුත්තන් පැමිණීම තහනම්ය.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන සියයට 50 ක (50%) ධාරිතාවයෙන් විකල්ප දිනයක් ලබාදී පවත්වාගෙන යා හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment