සංචාරකයන්ගෙන් හෝටල් පිරෙද්දී රට බංකොලොත්වීම පතන අපතයෝ

988
සංචාරකයන්ගෙන් හෝටල් පිරෙද්දී රට බංකොලොත්වීම පතන අපතයෝ

දකුණු වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයකි. වැලිගම, මිරිස්ස, උණවටුන, හික්කඩුව යන සංචාරක කලාප මේ වනවිට විදෙස් සංචාරකයන්ගෙන් පිරීගොස් ඇත්තේය. ඇත්තෙන්ම මෙරට සංචාරක ක්ෂේත‍්‍රයට නව අරුණලූ උදාවෙමින් පවතී. මෙරට වෙරළ තීරයට ස්වාභාවික පරිසරයට වහවැටී එහි සුන්දරත්වය විඳදරා ගැනීමට විදෙස් සංචාරකයන් මෙරටට පැමිණෙති. වැලිගම, මිරිස්ස මෙන්ම සීගිරිය, දඹුල්ල ඇතුළු සියලූ සංචාරක කලාපවලට හොඳ කලක් උදාවී තිබේ. 2022 ජනවාරි 1 වැනිදා සිට ගෙවී ගිය දින 19ක කාලසීමාව තුළ මෙරටට පැමිණි සංචාරකයන් ගණන 51583ක් බව ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය පවසයි. මේ අතරින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. එම සංඛ්‍යාව 9000ට ආසන්නය. යුකේ‍්‍රනයෙන් ආ සංඛ්‍යාව 5000 ඉක්මවා ඇත. ඉන්දියානුවන් සංඛ්‍යාව 8000ක් පමණ වන අතර, බි‍්‍රතාන්‍ය සහ යුරෝපා රටවලින් ද 9000 ඉක්මවූ පිරිසක් මෙහි පැමිණ තිබේ. ඇත්තෙන්ම දිනකට සංචාරකයන් තුන්දහසකට වඩා ශ‍්‍රී ලංකාවට පැමිණේ. 2020 දී ද මෙරටට සංචාරකයන් පන්ලක්ෂයකට වැඩි පිරිසක් පැමිණ තිබිණි. 2021 දී සංචාරක පැමිණීම් සටහන්ව ඇත්තේ දෙලක්ෂයකට ආසන්න ප‍්‍රමාණයකි. වැඩිම පිරිස ඉන්දියාවෙන් පැමිණ තිබේ. කවරක් නමුත් මේ වර්ෂයේ ආරම්භය ඉතා සුබදායකය. ලොව ආකර්ෂණීය සංචාරක ගමනාන්ත අතර ශ‍්‍රී ලංකාවට ඉහළම තැනක් හිමිවන බව ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේද ප‍්‍රකාශ වීම නිසා තත්ත්වය වඩාත් යහපත් වී ඇත. සී. එන්. එන්. රූපවාහිනියද කොළඹ නගරය ලොව හොඳම සංචාරක නගරයක් ලෙස නම් කිරීම මෙයට හොඳ උදාහරණයකි.

මෙම පිබිදීම සංචාරක ව්‍යාපාරය ඍජු හා වක‍්‍ර ආදායම් මාර්ගයක් කරගත් මෙරට මිලියන 3කට ආසන්න ජනතාවට ද රටේ ආර්ථිකයට ද සුබ පණිවිඩයක් වේ. රටට විදේශ පේ‍්‍රෂණ ලැබීමේ ප‍්‍රධාන මූලාශ‍්‍රයන් අතර සංචාරක කර්මාන්තයට ලැබුණේ තෙවන ස්ථානයයි. නව සැලසුම් සහ ක‍්‍රමෝපායන්ට අනුව යමින් වසර 2030 වන විට සංචාරකයන් මිලියන හතකට වැඩි පිරිසක් වාර්ෂිකව මෙරටට ආකර්ෂණය කරගනිමින් ඇමරිකන් ඩොලර් බිලියන දහයක පමණ ආදායමක් උපයා ගැනීම සංචාරක අමාත්‍යාංශයේ අරමුණ වී ඇත. කොවිඞ් මර්දනය සඳහා මෙරට තුළ ක‍්‍රියාත්මක වන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ජාත්‍යන්තරයේ පවා ප‍්‍රසාදය හිමි වීම මෙන්ම වසංගතය විද්‍යාත්මකව කළමනාකරණය කිරීමට ශ‍්‍රී ලංකාව සමත්වීම හේතුවෙන් ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව මෙරටට සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනය වී ඇත. වසංගතය හේතුවෙන් කොළඹ නගරයේ ද සංචාරකයන් අතර ජනප‍්‍රිය සෙසු නගර සහ ස්ථානවල ද එක් සංචාරකයෙක් හෝ දැකගැනීමට නොමැති ස්වභාවයක් පසුගිය වසරේ දක්නට ලැබිණි. මේ වන විට කොළඹ නගරයේ පවුල් පිටින් පැමිණ සිටින සංචාරකයන් දැක ගත හැකිය. දුම්රිය ස්ථානවලදී මෙන්ම සංචාරක ආකර්ෂණීය ස්ථානවලදී ද ඔවුන් විශාල ලෙස හමුවේ. සුප‍්‍රකට පාපන්දු ක‍්‍රීඩක බර්නාඩෝ සිල්වා යාල සංචාරය කිරීම විදේශ මාධ්‍යවල ප‍්‍රමුඛ පුවතක් බවට පත්වීම ලංකාවේ සංචාරක ආකර්ෂණයට වඩා යහපත්ය. මැන්චෙස්ටර් පාපන්දු පිලට ක‍්‍රීඩා කරන ඔහුගේ කොන්ත‍්‍රාත් මුදල පවුම් මිලියන 43කි. ඒ අනුව ඔහු ලොව ඉහළින්ම වැජඹෙන ක‍්‍රීඩකයෙක් බව පැහැදිලිය.

සංචාරකයන්ගෙන් හෝටල් පිරෙද්දී රට බංකොලොත්වීම පතන අපතයෝ

‘මේ අතර ස්විස්ටර්ලන්තයේ වෙසෙන මාධ්‍යවේදියෙකු, මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෙකු, ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු යැයි හඳුන්වන (ඔහුම කියාගන්නා) සුනන්ද දේශප‍්‍රිය ඔහුගේ ට්විටර් ගිණුමේ සටහන් කර තිබූ පණිවුඩය දුටු නිසාම මෙලෙස සංචාරක ව්‍යාපාරය ගැන ලියන්නට සිත් විය. දේශප‍්‍රිය උග‍්‍ර රාජපක්ෂ විරෝධියකු බව සැබෑය. එය ඔහුහේ දේශපාලන මතයයි. නමුත් මොහු රටට ද විරුද්ධ ද්‍රෝහියකු බව පැහැදිලි වන්නේ සිය ට්විටර් ගිණුම හරහා විදේශිකයන්ට ලංකාවට සංචාරය කිරීමේදී නැවත සිතා බලන්න කියමින් වැරදි මතයක් පළ කර තිබූ නිසාය. එය කොටි ඩයස්පෝරාව හෝ නොයවන මතයකි.

ඊනියා දේශප‍්‍රිය විදෙස් සංචාරකයන් අමතමින්, ඔවුන් ශ‍්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන්නේ නම් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ මුදල් වටිනාකමින් හතරෙන් පංගුවක් අහිමි කරගන්නා බව සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත. එසේම රජය විසින් සංචාරකයන්ගෙන් ඩොලර් මුදල් අය කරගැනීම නිසා, රජය ඩොලර් සඳහා ගෙවන රුපියල් ප‍්‍රමාණය වෙළෙඳ පොළට වඩා අඩු අගයක් ගන්නා බවත් ඊට වඩා රුපියල් 40-50ත් අතර වැඩි ප‍්‍රමාණයක් කළු කඩයේදී ලබා ගත නිසා ශ‍්‍රී ලංකාවට සංචාරයට පෙර ඒ ගැන සිතන ලෙස සටහන් කර තිබිණි. මෙය සංචාරක ව්‍යාපාරයට පමණක් නොව ලංකාවේ ආර්ථිකයටම එල්ල කරන ප‍්‍රහාරයකි. ලංකාව බංකලොත් වීම ස්විස් හි වෙසෙන දේශප‍්‍රියගේ පරම පැතුම බව පැහැදිලිය. එය ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදියාගේ කුහකකම මිස අන් දෙයක් නොවේ. ලංකාව යුද අපරාධ උගුලේ සිරකරන්නට එදා සිට දත කන මොහු දැන් ලංකාව බංකොලොත්වීම ඉතසිතින් පතයි. ඊනියා සුනන්ද විදෙස් සංචාරකයන් හට සිය ට්විටර් ගිණුම හරහා ලබා දුන් පණිවුඩය සම්බන්ධයෙන් බොහෝ දෙනකු දැඩි අප‍්‍රසාදය පළ කර තිබේ. එක අයකු මෙයට පිළිතුරු දෙමින් සටහන් කර තිබුණේ ‘‘උඹ නම් දේව සාපයක් සුනන්ද” යනුවෙනි. ඩොලර් නෑ කියමින් කෑගසන සමහර විපක්ෂ ක‍්‍රියාකාරිකයන්ගේ ද මතය මෙයද? සංචාරකයන් පැමිණ රටට ඩොලර් ගලා එන විට මොවුන් නොඉවසයි. එක්නැලිගොඩ ගේ බිරිඳ කොණ්ඩය කපා කාලි මෑණියන් යදින පින්තූර සිය ට්විටර් ගිණුමේ පළකරන අතර අනෙක් පසින් ලංකාවට සංචාරය කිරීමේදී නැවත සිතා බලන්නයි කියයි. එයින්ම ද්‍රෝහියකුගේ නිරුවත ප‍්‍රදර්ශනය වෙයි. වඩුගේ මිත‍්‍රසිරි සුනන්ද දේශප‍්‍රිය හෙවත් අශෝක 71 කැරැල්ල නඩුවේ 5 වැනි විත්තිකරු විය. ජවිපෙ දෙවැනි නායක සනත් හරහා ජවිපෙට එක් වූ සුනන්ද බදුල්ල දිස්ත‍්‍රික් නායකයා වශයෙන් කටයුතු කළේය. සුනන්ද දේශප‍්‍රිය 1971 අපේ‍්‍රල් 05 රාත‍්‍රී හපුතලේ තේ වත්තක ඇඳිරි නීතියට කොටුවී සිටි බැවින් ප‍්‍රහාරයට සහභාගි වීමට නොහැකි විය. එහෙත් බදුල්ලේ කණ්ඩායම වැලිමඩ පොලිසියට පහරදී තිබිණි. පසුව සුනන්ද කැරලිකරුවන් සමග උඩුපුස්සැල්ලාව හරහා වලපනේට ගොස් යළි පැමිණ අපේ‍්‍රල් 23 අම්බලන්ගොඩදී පොලිස් අත්අඩංගුවට පත්විය. එදා සිට රටට එරෙහි වූ මොහු අද ලංකාව බංකලොත් වීම ප‍්‍රාර්ථනා කරයි. 2015 ජනවාරියේ රාජපක්ෂ ආණ්ඩුව පරාජය වූ විට මහත් සතුටින් ලංකාවට පැමිණි මොහු නිතර අරලියගහ මැඳුරේ දක්නට ලැබිණි. මොහු යහපාලනයට උපදෙස් දුන් එක් කේවට්ටයකු බව ප‍්‍රකටය. සුනන්ද රටට එරෙහිව මත පළ කරද්දී මෙරට සංචාරයට පැමිණි විදේශ යුවතියන් පිරිසක් සිගිරිය පසුපසින් පෙනෙන සේයාරුවකට පෙනී සිටිමින් Now Sri lanka safer than ever : Visit Sri lanka මැයෙන් වූ පෝස්ටරයක් ප‍්‍රදර්ශනය කරන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය විය. එය සැබවින්ම සතුටට කාරණයකි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment