සංචාරකයන්ට කෞතුකාගාර ඇරේ

173

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලූම කෞතුකාගාර සහ පුරවිද්‍යා ස්ථාන යළි දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කිරීමට රජය තීරණයකර ඇත.

කොවිඞ් වසංගතය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලූම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන මාස ගණනාවක් වසා දැමුණි. නැවත රට විවෘත කිරීමත් සමග මෙසේ සංචාරකයන්ට විවෘතව තැබීමට කටයුතු කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් පුරවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව සෞඛ්‍ය නීති රීතීන්ට අනුකූලව පොලොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල, මහනුවර අනුරාධපුරය ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනයවන පුරා විiාස්ථාන විවෘතව තැබේ.

ගාලූකොටුවේ සමුද්‍ර පුරවිද්‍යා කෞතුකාගාරය, ප‍්‍රථම එළිමහන්, විවෘත කෞතුකාගාරය වන ශිලා සුසාන භූමියේ පිහිටි කෞතුකාගාරය, දඹුල්ල බිතුසිතුවම්, ජේතවනය, භයගිරිය, සීගිරිය, මහනුවර, පොලොන්නරුව, කතරගම, යාපහුව, රත්නපුරය, මොනරාගල, නාමල් උයන, ත‍්‍රිකුණාමලය, දඹදෙණිය, රිදී විහාරය, යාපනය රම්බා විහාරය යන ස්ථානයන්හි පිහිටි සියලූ කෞතුකාගාර මෙලෙස විවෘතව තැබේ.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment