සංචාරකයන් පිළිගැනීමට ශී‍්‍රලංකන් ගුවන් සේවයෙන් නත්තල් කැරොල්

132

ශී‍්‍රලංකන් ගුවන් සමාගම, උදාවන නත්තල් දිනයේ පී‍්‍රතිය බෙදාගැනීම වෙනුවෙන් ශී‍්‍ර ලංකාවට පැමිණෙන සහ පිටවන සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා විශේෂ නත්තල් කැරොල් ගීත ගායනා වැඩසටහනක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පවත්වන ලදී.

ශී‍්‍රලංකන් ගායක කණ්ඩායම සමඟ ශී‍්‍ර ලංකා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගමෙහි කාර්යමණ්ඩල සාමාජිකයෝ ද කැරොල් ගීත ගායනය සඳහා සහභාගි වූහ. මෙම කැරොල් ගීත ගායනා වැඩසටහන සඳහා ශී‍්‍ර ලංකාවේ සංගීත පුරාවෘත්තයක් වන ෘැ ඛ්බ්රදකකැ ඊරදඑයැරි සහභාගි වූ අතර ඔවුන් ශී‍්‍රලංකන් ගායක කණ්ඩායම සමගින් එක්ව සංචාරකයන් අමන්දානන්දයට පත්කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment