සංචාරකයන් රැගෙන පැමිණි වාහන රැසක් සමග ඩීසල් නැතිව නුවරඑළියේ දිගු පෝලිම්!

109

නුවරඑළියට සංචාරකයන් රැගෙන පැමිණි වාහන සහ ප‍්‍රදේශයේ වාහන රැසක් නුවරඑළියේ ඉන්ධන පිරවුම්හල් අසල සිට ප‍්‍රධාන මාර්ගය දිගේ කිලෝමීටර් ගණන් දුරට ගාල්කර තිබෙන අයුරු ඊයේ (03 දා) දක්නට ලැබුණි.

ඉන්ධන ලබා ගැනීම සඳහා පෙරේදා (02 දා) රාති‍්‍රයේ සිටම ඇතැම් වාහන ප‍්‍රධාන මාර්ගයේ නතර කර තිබූ අතර තවත් පිරිසක් ප්ලාස්ටික් බූලි රැගෙන ඉන්ධන පිරවුම් හල් අසල රැඳී සිටින අයුරුද දක්නට ලැබුණි.

ඉන්ධන පිරවුම්හල් හිමියන් කියා සිටින්නේ තමන්ට පෙට‍්‍රල් ලැබුණද ඞීසල් ලැබෙන වේලාවක් කිව නොහැකි බවයි.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment