සංචාරකයන් 2000 ක් රැගෙන මේන් ෂිප් ෆයිව් කොළඹ වරායට

216

සංචාරකයන් 2000 කට අධික පිරිසක් රැගත් මේන් ෂිප් ෆයිව් නමැති අධි සුඛෝපභෝගි නෞකාව ඊයේ (29 දා) කොළඹ වරාය වෙත පැමිණ ඇත.

මෝල්ටා ධජය යටතේ පීන්ලන්තයේ නිෂ්පාදනය කරන ලද මෙම නෞකාව ජර්මනියේ නෞකා සමාගමට අයත් වන අතර ලෝකයේ අධි සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවකි.

මගීන් 2030 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 945 දෙනකුගෙන් සමන්විත මෙම නෞකාව තුර්කියේ අන්ටාලියා වරායෙන් දින 46 ක සංචාරයක් සඳහා පිටත්ව ඇති අතර ඊජීප්තුව, ජෝර්දානය, ඕමානය යන රටවල සංචාරය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

සංචාරකයන් 2000 ක් රැගෙන මේන් ෂිප් ෆයිව් කොළඹ වරායට

කොළඹ වරායේ මගී පර්යන්තය නැංගුරම් ලෑමට ඉඩ මදිවීම නිසා එය වරාය නැගෙනහිර බහලුම් පර්යන්තයේ නැංගුරම්ලා තිබේ.

නෞකාවේ කාර්ය මණ්ඩලය ඊයේ කොළඹ නගරයේද කැලණිය රජමහා විහාරය නැරඹීමටද ගිය අතර ඊයේ රාත්‍රියේම නෞකාව හම්බන්තොට වරාය වෙත ගමන් කිරීමට නියමිතව තිබිණි. එහිදී සංචාරකයන්ට ගාල්ල, මාදුගඟ සහ දකුණු මුහුදු වෙරළෙහි සංචාරය කිරීමට අවස්ථාව සලසා දී තිබිණි.

වරාය නාවික ගුවන් සේවා කටයුතු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම නෞකාව පිළිගැනීමට කොළඹ වරාය වෙත පැමිණ සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment