සංචාරකයින්ට මරු කැඳවූ අඹේවෙල මාරක යකඩ බටය ගලවයි

1643

උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල දුම්රිය ස්ථානයේ පිහිටි වසර 150 ක් ඉපැරැණි අඟුරු කෝච්චියට ජලය ලබාදීමට භාවිත කළ යකඩ බට නළය ගළවා ඉවත් කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

උඩරට මාර්ගයේ ගමන් ගන්නා විදේශීය සංචාරකයන් කිහිප දෙනකු දුම්රිය පාපුවරුවේ රැඳී සිටිමින් සෙල්ෆි ඡුායාරූප ගැනීමට උත්සහ කිරීමේදී එම යකඩ බට නලයේ ගැටී ස්පාඤ්ඤ ජාතිකයකු පසුගියදා මියගිය අතර තවත් සංචාරකයන් කිහිප දෙනකු එම යකඩ බට නළයේ ගැටී තුවාල ලබා ඇත.

උඩරට දුම්රියන්වල ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන්ට එම යකඩ බට නළය නිසා සිදුවෙන අනතුරු හේතුවෙන් යකඩ බට නලය ගලවා ඉවත් කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව මේ වනවිට පියවර ගෙන ඇත.

උඩරට දුම්රිය මාර්ගයේ සංචාරකයන් රැගෙන පසුගිය වසරවල ධාවනය වූ අඟුරු කෝච්චියේ එන්ජිමට අවශ්‍ය ජලය ලබාදී ඇත්තේද එම යකඩ බට නලය ආධාරයෙනි.

එම යකඩ බටය ගළවා ඉවත් කිරීම ගැන අඹේවෙල ප‍්‍රදේශවාසීන්ගෙන් විරෝධයක් මතුවී ඇති අතර ඔවුන් පවසන්නේ මෙය සිහිවටනයක් සේ අඹේවෙල දුම්රිය ස්ථානයේ සුදුසු තැනක ස්ථාපනය කළ යුතු බවයි.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment