සංචාරකයින් රැගත් නැවක් කොළඹ වරායට

238


ඇමෙරිකාවේ ධනවත්ම සංචාරකයින් 108 දෙනකු රැගත් ඕෂන් ඔඩසි නෞකාව අද කොළඹ වරායට පැමිණියේය. මෙහි පැමිණි සංචාරකයින් කොළඹ වරායෙන් බැස දින දෙකහාමාරක් පමණ කොළඹ,කුරුණෑගල,හබරණ ,සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශ වල සුඛෝප භෝගී බස් රථ මගින් සංචාරය කර 21 වැනිදා ත්‍රිකුණාමලය වරායෙන් යළි නැවට නැගීමට නියමිතය.ඉන් පසු එදින රාත්‍රී 7.00ට නැව තායිලන්තය බලා පිටත්ව යනු ඇත.මෙම නැව ප්‍රථම වරට කොළඹ වරායට පැමිණීම සනිටුහන් කරමින් චාරිත්‍රානුකූල සමරු ඵලකය හුවමාරු කරගැනීම වරාය නාවිද හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලක ද සිල්වා මහතා සහ නෞකා කපිතාන්වරයා අතර සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment